චීනයේ ෂෙන්චෞ 19 ගගනගාමීන් සහිත අභ්‍යවකාශ ගුවන් යානය සාර්ථක ව දියත් කෙරේ

චීනයේ ෂෙන්චෞ 19 ගගනගාමීන් සහිත අභ්‍යවකාශ ගුවන් යානය සාර්ථක ව දියත් කෙරේ

 බෙයිජිං වේලාවෙන් අද(30) පෙරවරු 04:27ට ෂෙන්චෞ 19 ගගනගාමීන් සහිත අභ්‍යවකාශ ගුවන් යානය රැගත් ලෝන්ග්මාර්ච් අංක 2-FYao 19 වාහක රොකට්ටුව ජියුචුවාන් චන්ද්‍රිකා නිකුත් කිරීමේ මධ්‍යස්ථානයෙන් ගුවන්ගත කෙරිණ. විනාඩි 10කට පසුව ෂෙන්චෞ 19 ගගනගාමීන් සහිත අභ්‍යවකාශ ගුවන් යානය රොකට්ටුවෙන් වෙන්වී නියමිත කක්ෂයට ප්‍රවේශ විය. ගගනගාමී කාර්ය මණ්ඩලය ද යහපත් තත්ත්වයක පසු වීමෙන් එම නිකුත් කිරීමේ මෙහෙයුම සාර්ථක වූ බව සනිටුහන් වේ.

කක්ෂයට ප්‍රවේශ වීමෙන් පසු එම අභ්‍යවකාශ යානය නියමිත ක්‍රියාදාමයට අනුව චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය සමග වේගයෙන් ස්වයංක්‍රීයව සම්බන්ධ වනු ඇත. අනතුරුව  ෂෙන්චෞ 19 ගගනගාමීන් එහිදී රැඳී සිටින ෂෙන්චෞ 18 ගගනගාමීන් සමග සේවා මාරුව සිදු කිරීමට නියමිතය.

අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටීමේදී ෂෙන්චෞ 19 ගගනගාමීහු මොඩියුලයෙන් බැහැර අභ්‍යවකාශයේ සිට ක්‍රියාකාරකම් රැසක් සිදු කිරීමට සැලසුම් කර තිබේ.  ක්ෂුද්‍ර ගුරුත්ව පරිසරයේ භෞමික විද්‍යාව ඇතුළු ක්ෂේත්‍රවල පරීක්ෂණ හා ප්‍රගුණ පැවැත්වීමටත් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සුන්බුන්වලින් ආරක්ෂා කිරීමේ උපකරණ සවි කිරීම ඇතුළු මෙහෙයුම්වලටත් ඔවුන් යොමු වනු ඇත. 

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *