චීනයේ ෂෙන්චෝ 18 ගගනගාමීන් වෙත අභ්‍යවකාශ සේවා පදක්කම්

චීනයේ ෂෙන්චෝ 18 ගගනගාමීන් වෙත අභ්‍යවකාශ සේවා පදක්කම්

2024 වසරේ අප්‍රේල් මස 25 වනදා  ගගනගාමීන් සහිත ෂෙන්චෝ 18 අභ්‍යවකාශ යානය සාර්ථකව දියත් කෙරිණ. Ye Guangfu, Li Cong හා Li Guangsu ඇතුළු ගගනගාමීහූ සාර්ථකව Tianhe කේන්ද්‍ර මොඩියුලයට ප්‍රවේශ වූහ. ඔවුන් කක්ෂයේ මාස 6ක් රැඳී සිටිමින් අභ්‍යවකාශ ගමන් 2ක් සිදු කර තිබේ. එමෙන්ම අභ්‍යවකාශ මධ්‍යස්ථානය ගොඩනැගීම හා අලුත්වැඩියා කිරීම ඇතුළු රාජකාරී ඉටු කරමින් ඔවුන් විද්‍යාත්මක පර්යේෂණ හා තාක්ෂණික පර්යේෂණ මාලාවක් සිදු කර තිබේ.

චීන අභ්‍යවකාශ කර්මාන්තයට ලබා දුන් විශිෂ්ට දායකත්වය අගය කිරීම වෙනුවෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව, චීන රාජ්‍ය මණ්ඩලය හා චීන මධ්‍යම යුද කොමිසම ඔවුන්ට සම්මාන පිරිනැමීමට  තීරණය කළේය. ඒ අනුව Ye Guangfu, වෙත චීන ජාතික මට්ටමේ අභ්‍යවකාශ සේවා දෙවැනි පදක්කම පිරිනැමෙන අතර Li Cong හා Li Guangsu වෙත වීර ගගනගාමියා යන ගෞරව නාම හා අභ්‍යවකාශ සේවා තුන්වැනි මට්ටමේ පදක්කම පිරිනැමේ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *