
2025 වසරේ චීනයේ වසන්ත උත්සව සමයේ චිත්රපට බොක්ස් ඔෆිස් ආදායම පෙබරවාරි 4 වැනිදා වන විට, යුවාන් බිලියන 8.8 දක්වා ඉහළ ගොස් ඇති අතර එය ඉතිහාසගත වන වාර්තාවක් බව චීනයේ ජාතික චිත්රපට පරිපාලනයේ වාර්තා පවසයි. ඒ අතරින්, ” Ne Zha 2″ චිත්රපටය යුවාන් බිලියන 4.3 ඉක්ම වූ ආදායමක් ද ” Detective Chinatown 1900″ සිනමාපටය යුවාන් බිලියන 2කට වැඩි ආදායමක් ඉපැයීමට ද සමත්ව තිබේ.
මේ වන විට, මෙම වසරේ චීනයේ ප්රදර්ශනය කෙරුණු සමස්ත චිත්රපට බොක්ස් ඔෆිස් ආදායම උතුරු ඇමරිකානු මහාද්වීප බොක්ස් ඔෆිස් ආදායම ද අභිබවා ගොස් ලොව පෙරමුණ ගෙන ඇත.