චීනයේ “රට බෙදීමට විරෝධී නීතිය”බලාත්මක කිරීමේ 20වැනි සංවත්සරය වෙනුවෙන් වැඩමුළුවක්

චීනයේ “රට බෙදීමට විරෝධී නීතිය”බලාත්මක කිරීමේ 20වැනි සංවත්සරය වෙනුවෙන් වැඩමුළුවක්

චීනයේ “රට බෙදීමට විරෝධී නීතිය”බලාත්මක කිරීමේ 20වැනි සංවත්සරය වෙනුවෙන් වැඩමුළුවක් පැවැත්වේ.  (14) එම වැඩමුළුව බෙයිජිං හිදී පැවැත්විණ. චීන ‍ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති චාඕ ල චි මහතා ඊට එක් වෙමින් දේශනයක් පැවැත්වීය. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා තායිවානය පිළිබඳ පළ කළ අදහස් සහ නව යුගයේ කොමියුනිස්ට් පක්ෂය තායිවාන ප්‍රශ්නය විසඳා ගැනීමේ උපාය මාර්ගය පූර්ණ වශයෙන් ක්‍රියාවට නංවා ගත යුතු බව හෙතෙම එහිදී පෙන්වා දුන්නේ ය. තායිවානය චීනයෙන් වෙන් කිරීම හා පිටස්තර බෙදුම්වාදී බලවේග දැඩි ලෙස මර්දනය කිරීමේදී “රට බෙදීමට විරෝධී නීතියේ”වැදගත්කම හෙතෙම අවධාරණය කළේ ය. ගෙවුණු වසර 20 තුළ ෂී ජින් පිං ජනාධිපතිවරයාගේ ප්‍රමුඛත්වයෙන් චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාව  “රට බෙදීමට විරෝධී නීතිය”බලාත්මක කිරීමෙන් එකම චීනය යන මූලධර්මය ආරක්ෂා කර ඇත. ඉදිරියේදී එම නීතිය තවදුරටත් බලාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ද චීන ‍ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටු සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *