‘RuiBao MaRu’ නමින් හැඳින්වෙන ජපානයේ ධීවර නෞකාව අද(02) කිසිදු අවසරයකින් තොරව චීනයට අයත් Diaoyu දූපත ආශ්රිත මුහුදු ප්‍රදේශයට පිවිසීමට එරෙහිව චීන වෙරළාරක්ෂක බලකාය නිසි පියවර ගෙන ඇත. චීන වෙරළාරක්ෂක නෞකා ජපානයේ එම නෞකාව නිසියාකාරයෙන් පිටුවහල් කළ බව චීන වෙරළාරක්ෂක බලකායේ ප්රවෘත්ති ප්‍රකාශක Liu Dejun මහතා පැවසීය.
Diaoyu දූපත සහ ඊට අනුබද්ධ දූපත් සමූහය චීනයට අයත් ප්‍රදේශයක් බව පැවසූ ඔහු, එම ප්‍රදේශය තුළ සිදු කරන සියලු නීත්‍යනුකූල නොවන ප්රකෝපකාරී ක්‍රියාවන් වහාම නතර කරන ලෙස චීනය ජපානයෙන් ඉල්ලා සිටින බව සඳහන් කළේය. එම ප්‍රදේශයේ නිසි මෙහෙයුම්වල අඛණ්ඩ ව නිරත වන චීන වෙරළාරක්ෂක බලකාය රටේ භෞමික ස්වෛරීභාවය හා සමුද්‍රීය අයිතිවාසිකම් තරයේ ම ආරක්ෂා කරන බව ද Liu Dejun මහතා අවධාරණය කර තිබේ.
