චීනයේ භාණ්ඩ වෙළඳාම ඉතා සාධනීය මට්ටමක වර්ධනයක් පෙන්නුම් කරයි. ගෙවුණු මාස දෙකෙහි චීනයේ භාණ්ඩ වෙළඳාමේ ආනයනය හා අපනයනය පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 18.3%කින් වර්ධනය වී ඇතැයි චීන රේගු මහ පරිපාලනය අද (10) නිකුත් කළ දත්තයන්හි දැක්වේ.
එම කාලය තුළ චීන භාණ්ඩ ආනයන හා අපනයන වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 7.73කි. එහිදී භාණ්ඩ අපනයනය චීන යුවාන් ට්‍රිලියන 4.62ක අගයකට ළඟා වී ඇති අතර, එය පසුගිය වසරේ එම කාලසීමාවට සාපේක්ෂව 19.2%ක වර්ධනයක් පෙන්නුම් කර ඇත. එසේ ම භාණ්ඩ ආනයනය චීන යුවාන් 3.11ක් වූ අතර එය ද පසුගිය වසරේ අදාළ කාලසීමාවට වඩා 17.1%ක වර්ධනයකි.
2026 වසර ආරම්භයේ සිට මේ දක්වා චීන විදේශ වෙළඳාම ස්ථාවර හා වර්ධනීය තත්ත්වයක් පෙන්නුම් කර තිබේ. එම තත්ත්වය ගෝලීය ඉල්ලුම යථා තත්ත්වයට පත්වීම , ප්‍රතිපත්තිමය ලාභාංශ නිකුත් කිරීම, කර්මාන්තයන්හි ප්‍රබලත්වය කැපී පෙනීම, ක්ෂුද්‍ර ආයතනවල ජවය ඉස්මතු වීම යන සාධක හතරක ඒකාබද්ධ බලපෑම්වල ප්‍රතිඵලයක් බව චීන ජාතික තොරතුරු මධ්‍යස්ථානයේ ආර්ථික පුරෝකථන දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත.
