චීනයේ නිදහස් වීසා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක රටවල් සංඛ්‍යාව ඉහළට

චීනයේ නිදහස් වීසා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක රටවල් සංඛ්‍යාව ඉහළට

චීනය හරහා තෙවැනි රටකට හෝ කලාපයකට සංචාරය කරන්නේ නම් වීසා භාවිතයෙන් තොරව චීනයට ඇතුළු විය හැකි ප්‍රතිපත්තිය අද(12) සිට ඉන්දුනීසියා‍වේ පුරවැසියන් වෙත විවෘත කෙරේ. මේ සමග ම, මෙම ප්‍රතිපත්තියට අනුගත වන රටවල් සංඛ්‍යාව 55ක් දක්වා ඉහළ ගොස් ඇති බව චීන ජාතික සංක්‍රමණ පරිපාලනය අද නිවේදනය කළේය.

ඒ අනුව, ඉන්දුනීසියාව, රුසියාව, බ්‍රිතාන්‍ය‍ය ඇතුළු එම රටවල් 55ට අයත් පුරවැසියන් සිය වලංගු හඳුනුම්පත සහිතව චීනය හරහා තෙවැනි රටකට හෝ කලාපයකට සංචාරය කරන්නේ නම්, බෙයිජි, ෂැංහයි ඇතුළු චීනයේ ප්‍රදේශ 60ක පිහිටි පිවිසුම් ස්ථානයන් හි සිට චීනයට ඇතුළු වීමට හැකි ය. කෙසේවෙත් මෙම නිදහස් වීසා ප්‍රතිපත්තිය යටතේ චීනයේ රැඳී සිටිය හැකි උපරිම කාලය පැය 240කි. සංචාරය කිරීම, ඥාතීන් බැලීම වැනි කටයුතුවල නිරත වීමට එමගින් අවසර හිවි වෙයි.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *