චීනයේ නැඟී ඒම වැළැක්වීම මිස වෙළඳ යුද්ධය පිටුපස සැඟවුණු වෙනත් න්‍යායපත්‍රයක් නොමැත – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

චීනයේ නැඟී ඒම වැළැක්වීම මිස වෙළඳ යුද්ධය පිටුපස සැඟවුණු වෙනත් න්‍යායපත්‍රයක් නොමැත – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

වෙළඳ යුද්ධය පිටුපස සැඟවුණු න්‍යායපත්‍රයක් නොමැති අතර එහි පරමාර්ථය සැඟවුණු එකක් නොව ප්‍රකට එකක් බව ප්‍රවීණ විදෙස් විත්ති විශ්ලේෂක, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මො‍හාන් සමරණායක මහතා පවසයි. දෙවෙනි වරට ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරයට පැමිණි ඩොනල්ඩ් ට්‍රම්ප් 2025 වසරේ අප්‍රේල් 02 වැනිදා ඔහු හඳුන්වනු ලබන විමුක්ති දිනයේ දී නවතම වෙළඳ යුද්ධය ආරම්භ කිරීමට පියවර ගැණින. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ තම පළමු ධුර කාලයේ සටන් පාඨය වූයේ “ඇමරිකාව නැවත ශ්‍රේෂ්ඨත්වයට පත් කරමු” යන්නයි. ඔහුගේ දෙවැනි ජනාධිපතිවරණ ව්‍යාපාරයේ දී ඒ සමගම ඇමරිකාව පළමු තැන සිටිය යුතුයි යන්න ප්‍රකාශ කළේය. එක්තරා කාලයක දී ඇමරිකාව ලොව අංක එකේ විශාලතම ආර්ථිකය බවට පත් වුව ද කාලයත් සමග ඇමරිකාවේ මෙම නායකත්වය සහ ලෝකයත් සමග පැවති ආර්ථික, දේශපාලනික, මිලිටරි, සාමාජික, සංස්කෘතික ආධිපත්‍ය පිරිහෙන්නට පටන් ගැණින. සෝවියට් දේශයේ බිඳවැටීමෙන් පසු  එක්සත් ජනපද පාලන පංතිය, එහි දේශපාලන නායකත්වය, පක්ෂයට උපදෙස් සපයන න්‍යායාචාර්යවරු, ඉහළ දැනුමක් ඇති පිරිස් කල්පනා කළේ ඒ වන විට ඇමරිකාව ලොව සුපිරි බලවතා බවයි. ඒ තත්ත්වය දිගටම ආරක්ෂා කළ යුතු අතර නැවතවරක් ඇමරිකාවට අභියෝග කළ හැකි බලයක් මතු වීම නතර කළ යුතු බව ඔවුන් ප්‍රකාශ කර තිබේ. එහෙත් ඔවුන් අපේක්ෂා නොකළ පරිදි විසි වැනි සියවස අවසන් වෙමින් තිබිය දී එක්සත් ජනපද ආධිපත්‍යයට ප්‍රබල අභි‍යෝගයක් ගොඩනැඟිණ. එනම් ඒ චීන මහජන සමූහාණ්ඩුවයි. චීනය 2010 වසර වන විට ලොව දෙවන ආර්ථිකය බවට පත් වූයේ ජපානය පවා ඉක්මවා යමිනි. බොහෝ විශ්ලේෂණ අනුව වසර 2040 හෝ ඊට පෙර චීනය, ඇමරිකාවේ ආර්ථික බලය ඉක්මවා යනු ඇත. ඇතැම් සංඛ්‍යා ලේඛන අනුව දැනටමත් ක්‍රය ශක්ති සාම්‍ය වටිනාකමට අනුව චීනය ඇමරිකාවට වඩා ඉදිරියෙන් සිටී. මෙම තරගයේ දී චීනයේ නැඟී ඒම ඇමරිකාවේ ලෝක ආධිපත්‍යයට ප්‍රබල අභියෝගයකි. ඇමරිකාව මෙතෙක් භුක්ති විඳි ජීවන තත්ත්වය පවත්වා ගැනීමට අභියෝගයක් චීනයෙන් එල්ල වී තිබේ. ඒ නිසා ඔවුන්ට  චීනය පාලනය කිරීමට අවශ්‍ය වී ඇත. එනම් ඒ නැවත ඇමරිකාව ශ්‍රේෂ්ඨත්වයට පත් කිරීමේ ඔවුන් ගේ අරමුණ ඉස්මතු කිරීම සඳහාය. ශ්‍රේෂ්ඨත්වයට පත් කිරීමේ ඇමරිකාවේ ප්‍රධාන ම අපේක්ෂාව චීනයේ බලය බිඳ දැමීම, චීනය කොටු කිරීම, චීනය මෙල්ල කිරීමයි. මේ සඳහා යුද්ධයකට වුවත් යාමට ඔවුන් සූදානම් අතර එය දැනටමත් සැලසුම් කරමින් සිටී.

‍ට්‍රම්ප් මෙවර චීනයට මෙන්ම සෙසු රටවලට ද තීරුබදු ඉහළ දැමීය. ඒ ඇමරිකා එක්සත් ජනපදයේ වෙළඳ හිඟය පියවා ගැනීමේ අරමුණින් බව ප්‍රකාශ කර ඇත. නමුත් මුඛ්‍ය අරමුණ ‍වන්නේ චීනයේ ආර්ථිකය අඩාල කිරීම, කඩා දැමීම මෙන්ම අවශ්‍ය වුවහොත් චීනය සමග යුද්ධයකට යාමයි. දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් ආරම්භ කර ඇති මෙම වෙළඳ යුද්ධයේ ප්‍රධාන ඉලක්කය වන්නේ චීනයේ ආර්ථික නැඟීම කඩා බිඳ දැමීමයි. එහි අතුරු කොටසක් ලෙස සෙසු රටවලට තීරුබදු පැනවීම හැඳින්විය හැකිය. මෙය චීනයට එරෙහි වීමේ විවෘත උපායමාර්ගයක් මෙන්ම විවෘත ව්‍යාපෘතියක් ලෙස පැහැදිලිව පෙනෙනන්ට ඇති බව ප්‍රවීණ විදෙස් විත්ති විශ්ලේෂක, මාධ්‍යවේදී මො‍හාන් සමරණායක මහතා සඳහන් කළේය.  ‍

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *