චීනයේ නව්‍යකරණ ශක්‍යතාවන්ට අනිසි බාහිර බලපෑම් එල්ල නොවනු ඇති බව අවධාරණය කෙරේ

චීනයේ නව්‍යකරණ ශක්‍යතාවන්ට අනිසි බාහිර බලපෑම් එල්ල නොවනු ඇති බව අවධාරණය කෙරේ

චීනයේ 15 වන පස් අවුරුදු (2026-2030) සැලැස්ම තුළින් නවීකරණයෙන් යුත් කර්මාන්ත පද්ධතියක් ගොඩනැංවීම සහ විද්‍යා හා තාක්ෂණයන්හි ස්වයං සංවර්ධනය කඩිනම් කිරීම පිළිබඳ මෙහෙයුම් ආශ්‍රිත වැදගත්කම් අවධාරණය කෙරේ.

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මූල්‍ය කමිටු කාර්යාලයේ උප අධ්‍යක්ෂවරයෙකු වන Han Wenxiu මහතා ඊයේ (22) ආරම්භ වූ 2026 චීන සංවර්ධන සංසදයේ වාර්ෂික රැස්වීමේ දී මේ බව පැවසීය.

වසර ගණනාවක ප්‍රයත්න සමග, චීනයේ ස්වයං නවෝත්පාදන ශක්‍යතාවන් යම් බාධක ස්ථාන පසුකර ඇති අතර, එහි සංවර්ධනයන් අනිසි බාහිර බලපෑම්වලට යටත් වීමක් දක්නට නොලැබේ. සංවර්ධන ක්‍රියාවලිය තුළ යම්දුර පරතරයකින් යුතුව වර්ධනය වන ක්ෂේත්‍ර නොපසුබටව වැඩිදියුණු කරමින් ද, වර්තමානයේ ඉදිරියෙන් පසුවන ක්ෂේත්‍රයන්හි ප්‍රගමනය සඳහා තවදුරටත් කැපවීමෙන් යුතුව ද, විද්‍යා හා තාක්ෂණ ක්‍ෂේත්‍රයන්හි ස්වයං සංවර්ධනය වඩාත් ඉහළ මට්ටමකට ළඟා කර ගැනීමට ද චීනය තවදුරටත් ක්‍රියා කරනු ඇතැයි ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *