චීනයේ තීරුබදු ප්‍රතිචාර චීනය සඳහා පමණක්ම නොව ජාත්‍යන්තර සාධාරණත්වය සහ යුක්තිය ආරක්ෂා කිරීම වෙනුවෙනි

චීනයේ තීරුබදු ප්‍රතිචාර චීනය සඳහා පමණක්ම නොව ජාත්‍යන්තර සාධාරණත්වය සහ යුක්තිය ආරක්ෂා කිරීම වෙනුවෙනි

මෙම වසරේ ආරම්භයේ සිට, ඇමරිකාව සිය වෙළඳ හිඟය අවම කිරීමේ නාමයෙන් ‘කර්මාන්ත තීරුබදු’, ‘විවිධ රටවලට විශේෂ තීරුබදු’, ‘අන්‍යෝන්‍ය තීරුබදු’ යන පියවර යොදා ගැනීමට උනන්දුවෙන් කටයුතු කර ඇත. ඉන් ලෝකය තුළ නොසන්සුන්තාවයක් ඇති වූ අතර, ඇමරිකානු සමාජය ද භීතියට පත් වී තිබේ. එවන් පියවර ක්‍රියාත්මක කිරීමෙන් ගැටලුව විසඳීමට ඇමරිකාව අපොහොසත් වුණා පමණක් නොව, ඒ වෙනුවට තමාටම බරපතල හානි සිදු කර ගත්තේය.  Goldman Sachs සමාගම මෑතකදී වාර්තාවක් නිකුත් කරමින් ඉදිරි වසර තුළ ඇමරිකානු අවපාතය 35% සිට 45% දක්වා ඉහළ නංවා තිබේ.

ඇමරිකාවේ උමතු හැසිරීම් අතරතුර චීනය සිය ස්ථාවරත්වයෙන් ලෝකයට නිශ්චිතභාවය එකතු කරමින් සිටියි.

පළමුව, චීනය සතුව පැහැදිලි සහ ස්ථාවර ක්‍රියාකලාපයක් පවතී. චීන-ඇමරිකානු ආර්ථික හා වෙළඳ සබඳතාවල සාරය, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ පොදු ජයග්‍රහණය බවත් දෙපාර්ශ්වයට සමාන සංවාදවලින් සහ අන්‍යෝන්‍ය වාසිදායක සහයෝගීතාවෙන් ආර්ථික හා වෙළඳ ගැටලු විසඳා ගත හැකි බවත් සෑම විටම චීනයේ ස්ථාවරයයි. එසේම ඇමරිකාව විසින් ආරම්භ කරන ලද තීරුබදු යුද්ධයට මුහුණ දීමේදී චීනය නැවත නැවතත් ප්‍රකාශ කර ඇත්තේ සාකච්ඡා පැවැත්වීමේ දොර සැමවිටම විවෘත බවත්, ඒ වෙනුවට සටන් කිරීමට අවශ්‍ය නම්, චීනය අවසානය දක්වා සටන් කරන බවත්ය. 

ඇමරිකාවේ දාමරිකවාදී තීරුබදු හිරිහැර කිරීම් හමුවේ, චීනය සන්සුන්ව ප්‍රතිචාර දක්වා ඇති අතර, හේතු සහ සාක්ෂි සහිතව ප්‍රති-පියවර මාලාවක් ගෙන තිබේ. මෙය චීනයේ ස්වෛරීභාවය, ආරක්ෂාව සහ සංවර්ධන අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා පමණක් නොව, ජාත්‍යන්තර වෙළඳ නීති සහ ජාත්‍යන්තර සාධාරණත්වය සහ යුක්තිය ආරක්ෂා කිරීම සඳහා ද වේ.‍

වගකිවයුතු දැවැන්ත රටක් ලෙස, චීනය සිය ස්ථාවර ප්‍රතිපත්ති මගින් විවෘත ලෝක ආර්ථිකයක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කරයි. මෑතකදී, චීන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් යුරෝපා සංගමයේ සහ ආසියාන් සංගමයේ නිලධාරීන් සමඟ දුරකථන සංවාද පවත්වමින්, බහුපාර්ශ්වික වෙළඳ පද්ධතිය ඒකාබද්ධව පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය අවධාරණය කළ අතර චීනය විවෘතභාවය අඛණ්ඩව පුළුල් කරන බව ද ප්‍රකාශ කළේය. තම ප්‍රතිපත්ති හිතාමතාම වෙනස් කරන ඇමරිකාව හා සසඳන විට, චීනය ලෝක ආර්ථික වර්ධනයේ වඩාත් විශ්වසනීය මූලාශ්‍රයක් බව ජාත්‍යන්තර විශ්ලේෂකයින් විශ්වාස කර ඇත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *