තායිවානය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එකම හැඳින්වීම වන්නේ “චීනයේ තායිවාන පළාත” බව චීන විදේශ ඇමති වං යී මහතා පසුගිය දා අවධාරණය කර තිබේ. තායිවාන ප්‍රශ්නය සම්බන්ධයෙන් චීනය වඩාත් දැඩි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන බව එමගින් පිළිබිඹු වන බව ඇතැම් විශ්ලේෂකයන් පවසා තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය හා එම සංවිධානයේ ආයතන තායිවානය පිළිබඳව සඳහන් කරන විට චීනයේ තායිවාන පළාත ලෙස නම් කරන බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය (10) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් සඳහන් කළාය.
1971 වසරේ එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේ 2758 වැනි තීරණයෙන් තහවුරු කර ඇත්තේ ලෝකයේ ඇත්තේ එකම චීනය බවත්, තායිවානය රටක් නොවන බවත්, තායිවානය චීනයේ කොටසක්ම පමණක් වන බවත් ය. එම තීරණය අනුගමණය කිරීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය හා එම සංවිධානයේ ආයතන තායිවානය පිළිබඳව සඳහන් කරන විට චීනයේ තායිවාන පළාත ලෙස නම් කරන බව Mao Ning මහත්මිය කීවාය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිල නීති උපදෙස්වලට අනුව චීනයේ පළාතක් ලෙස තායිවානයට ස්වාධීන තත්ත්වයක් නොමැත. මෙය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිරසර ස්ථාවරයයි. තායිවාන ප්‍රශ්නය කෙරෙහි තායිවාන බෙදුම්වාදීන් හා විදේශ බලවේගයන් මැදිහත්වීමට චීනය දැඩි ලෙස විරුද්ධ වන බව Mao Ning මහත්මිය අවධාරණය කළාය.