චීනයේ තවත් ජාතික ආර්ථික සංවර්ධන කලාප හතරක්

චීනයේ තවත් ජාතික ආර්ථික සංවර්ධන කලාප හතරක්

තවත් ජාතික ආර්ථික සංවර්ධන කලාප හතරකට චීන රාජ්‍ය මණ්ඩලය අනුමැතිය දෙයි.

   ඊයේ(30) නිකුත් වුණු අදාල ලේඛනයට අනුව, Guangzhou Huadu ආර්ථික සංවර්ධන කලාපය, Jiangxi Guixi ආර්ථික සංවර්ධන කලාපය, Chongqing Fuling කාර්මික කලාපය, Shenyang මූල්‍ය, වාණිජ හා වෙළඳ සංවර්ධන කලාපය යන පළාත් මට්ටමේ සංවර්ධන කලාප හතර, ජාතික මට්ටමේ ආර්ථික සංවර්ධන කලාප ලෙස නැංවීමට රාජ්‍ය මණ්ඩලය එකඟ වී තිබේ.

අදාල ප්‍රදේශ, චීන මාදිලියේ නවීකරණය ඉදිරියට ගෙන යමින් නවෝත්පාදන හැකියාව හා අභ්‍යන්තර ශක්තිය උත්තේජනය කර ගනිමින්, රටේ නව සමස්ත සංවර්ධනයට සක්‍රියව සහභාගි විය යුතු බව එහි සඳහන් වේ. එසේම සිය උසස් විවෘතභාවය මගින්, රටේ ගැඹුරු මට්ටමේ ප්‍රතිසංස්කරණ හා උසස් ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට දායක විය යුතුය. ඉහළ මට්ටමේ විවෘත ක්‍රමවේදය පරිපූර්ණ කිරීමේදීත්, එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළේ පොදු සංවර්ධනයට එක්වීමේදීත්, ප්‍රාදේශීය තත්ත්වයන්ට අනුකූලව නව ගුණාත්මක ඵලදායිතාව සංවර්ධනය කිරීමේදීත්, ජාතික ආර්ථික සංවර්ධන කලාප ආදර්ශවත් කාර්යභාරය විදහා දැක්විය යුතු බව ද අදාළ ලේඛනය මගින් උපදෙස් දී තිබේ. 

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *