චීනයේ ජාතික පදක්කම් හා ජාතික ගෞරව නාම පදක්කම් පිරිනැමීම චීන ජනපති ප්‍රධානත්වයෙන්

චීනයේ ජාතික පදක්කම් හා ජාතික ගෞරව නාම පදක්කම් පිරිනැමීම චීන ජනපති ප්‍රධානත්වයෙන්

චීන ජනාධිපතිවරයා චීනයේ ජාතික පදක්කම් හා ජාතික ගෞරව නාම පදක්කම් පිරිනමයි. අද (29) පෙරවරු 10.00ට චීනයේ ජාතික පදක්කම් හා ජාතික ගෞරව නාම පදක්කම් ප්‍රදානෝත්සවය බෙයිජිංහි මහජන මහා ශාලාවේදී උත්කර්ෂවත් ව පැවැත්විණ.

එහිදී චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති, මධ්‍යම හමුදා කමිටු සභාපති ෂී ජින්පිං මහතා සමූහාණ්ඩු පදක්කම, ජාතික ගෞරව ‍නාම පදක්කම සහ “මිත්‍රත්ව පදක්කම” පිරිනමමින් දේශනයක් පැවැත්වීය.

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාව, චීන ජාතික මහජන කොංග්‍රසය, චීන රාජ්‍ය මණ්ඩලය හා චීන කොමියුනිස්ට් පක්ෂයේ  මධ්‍යම හමුදා කමිටුව වෙනුවෙන් හෙතෙම සමූහාණ්ඩු පදක්කම්, ජාතික ගෞරව ‍නාම පදක්කම් සහ මිත්‍රත්ව පදක්කම ඇතුළු පදක්කම්ලාභීන් වෙත සුබ පැතුම් සහ සිය ගෞරවය පිරිනැමීය.

චීන කොමියුන්ස්ට් පක්ෂයේ සියලු සාමාජිකයන් මෙන්ම සමස්ත ජනවර්ගයන් වීරෝධාර විරුවන් ආදර්ශයට ගෙන ශක්තිමත් රටක් ගොඩනැගීමට එක් විය යුතු බව ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කළේය.

චීනයේ සංවර්ධනය මෙන්ම චීන ජනතාව හා විවිධ රටවල ජනතාව අතර සුහද මිත්‍රත්වය තහවුරු කිරීම සඳහා කැප වූ ජාත්‍යන්තර මිතුරන් චීන ජනතාවට කිසිදා අමතක නොවනු ඇත.

ඒ ඒ රටවල ජනතාව සමග එක්ව සංවර්ධනය සහ මානව ඉරණමක් සහිත පොදු ප්‍රජාවක් ගොඩනැගීම තහවුරු කිරීමට චීන ජනතාව කැමැත්තෙන් සිටින බවද චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ප්‍රකාශ කළේය.   

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *