චීනයේ ගෝලීය ආරක්ෂක මුලපිරුම කැළඹිලි සහගත ලොවකට අවැසි එකම බලාපොරොත්තුවයි

චීනයේ ගෝලීය ආරක්ෂක මුලපිරුම කැළඹිලි සහගත ලොවකට අවැසි එකම බලාපොරොත්තුවයි

මුළු ලොවම විශ්ව ගම්මානයක් ‍බඳු ය. එහි වෙසෙන ගම්වැසියෝ රුසියානු-යුක්රේන යුද්ධය, මැද පෙරදිග කලාපයේ නොසන්සුන්තාව, දේශගුණික විපර්යාසය, ආහාර අර්බුදය, සයිබර් ප්‍රහාර හා තර්ජන, වෙළඳ යුද්ධ ඇතුළු විවිධ ආරක්ෂක ගැටළුවලට මුහුණ දෙමින් සිටිති. එවන් ගැටළු නිරාකරණය සඳහා තනි රටක නොව ජගත් ප්‍රජාවේ සමස්ත ප්‍රයත්නයන් අවශ්‍ය බව පැහැදිලි ය.

මීට වසර 3කට පෙර එනම් 2022 වසරේ අප්‍රේල් මස 21 වැනි දා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ප්‍රථම වරට ගෝලීය ආරක්ෂක මුලපිරුම ඉදිරිපත් කර තිබිණ. එය ගෝලීය ආරක්ෂක ගැටළු නිරාකරණය සඳහා වන සාධනීය සංකල්පයක් ලෙස පිළිගෙන තිබේ. එම ගෝලීය ආරක්ෂක මුලපිරුමට අනුව, ආරක්ෂාව යනු හමුදා කටයුතුවලට සීමා නොවී ආර්ථික, මූල්‍ය, සෞඛ්‍ය, පාරිසරික, ආහාර හා අන්තර්ජාල ඇතුළු කරුණු හා සම්බන්ධ වන ක්ෂේත්‍රයකි. ඕනෑම රටකට සිය ආරක්ෂාව වෙනුවෙන් සෙසු රටවල ආරක්ෂක අයිතීන් උල්ලංඝනය කිරීමේ කිසිදු අයිතියක් නොමැත. විවිධ රටවල එකමුතුවෙන් ගෝලීය ආරක්ෂක අභියෝගයන්ට මුහුණ දීමේ අවශ්‍යතාව ද චීන ජනාධිපතිවරයා සිය ගෝලීය ආරක්ෂක මුලපිරුම මගින් පෙන්වා දී ඇත. එසේ ම තිරසර ආරක්ෂක පිළිවෙත් අනුගමනය කළ යුතු ය. එනම් සන්නද්ධ බලයෙන් පමණක් ගැටුම් නිරාකරණය සඳහා නොගොස්, ගැටුම්වල මුලයන් සොයා ආර්ථික සංවර්ධනය, සමාජ සාධාරණත්වය හා සංස්කෘතික හුවමාරු වැනි ක්‍රමවේද හරහා එම මුලයන් තුරන් කළ යුතු ය.

චීනය මෙම ‍ගෝලීය ආරක්ෂක මුලපිරුම ඉදිරිපත් කරන්නෙක් සේ ම එය ක්‍රියාත්මක කරන්නෙක් ද වෙයි. ඒ සඳහා වන නිදසුන් බොහෝ ය. චීනයේ මැදිහත් වීම යටතේ 2023 වසරේ දී සෞදි අරාබිය හා ඉරානය රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යළි ආරම්භ කළේ ය. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සමග එක්ව චීනය අප්‍රිකා මහාද්වීපයේ දෙමුහුන් වී වගා තාක්ෂණය ප්‍රචලිත කර තිබේ. චීනය ඉදිරිපත් කළ “එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙළ යටතේ ඊට සම්බන්ධ වූ රටවල යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් චීනය විශාල සහයන් ලබා දී ඇත. එසේ ම වසර ගණනාවක් පුරාම චීන වෛද්‍ය කණ්ඩායම් ලොව රටවල් 50කට වැඩි සංඛ්‍යාවක් වෙනුවෙන් නොමිලේ වෛද්‍ය සේවා ලබා දී සිටිති.

ගෝලීය ආරක්ෂක මුලපිරුම ඉදිරිපත් කර ගත වූ වසර තුන තුළ ජගත් ප්‍රජාවේ ඉහළ ඇගයීමකට ලක්ව තිබේ. මේ වන විට රටවල්  හා ජගත් සංවිධාන 120ක් එම මුලපිරුමට සහාය දී ඇති අතර චීනය සෙසු රටවල් හා ජගත් සංවිධාන සමග අත්සන් කළ ද්විපාර්ශ්වික ලියවිලි 120කට වැඩි ප්‍රමාණයකට ගෝලීය ආරක්ෂක මුලපිරුම ඇතුළත් කර ඇත. චීනය ඉදිරිපත් කළ මෙම ගෝලීය ආරක්ෂක මුලපිරුම කැළඹිලි සහගත ලොවකට අත්‍යවශ්‍ය දෙයක් වන “බලාපොරොත්තුව ” රැගෙන ආ බව දේශපාලන විශ්ලේකයෝ පවසති.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *