චීනයේ ගුවන් යානා වාහක කණ්ඩාය‍මට ජපානය සිදු කළ බාධා කිරීමට චීනයේ ප්‍රතිචාරය

චීනයේ ගුවන් යානා වාහක කණ්ඩාය‍මට ජපානය සිදු කළ බාධා කිරීමට චීනයේ ප්‍රතිචාරය

චීනයේ ලියාඕනිං ගුවන් යානා වාහක කණ්ඩාය‍මේ සාමාන්‍ය මෙහෙයුම කෙරෙහි ජපානයේ බාධා කිරීමට චීනය දැඩි ප්‍රතිචාරයක් දක්වයි.

ලියාඕනිං ගුවන් යානා වාහක කණ්ඩායම මෑතකදී මියාකෝ සමුද්‍ර සන්ධියේ නැගෙනහිර මුහුදේ සාමාන්‍ය ජෙට් පියාසැරි පුහුණුවක් පැවැත්වූ අතර, අදාළ පුහුණු ප්‍රදේශය පූර්වයෙන් නිවේදනය කර ඇති බව චීන මහජන විමුක්ති නාවික හමු‍දාවේ ප්‍රකාශක Wang Xuemeng මහතා පැවසීය. එම පුහුණුව සිදු කිරීමේදී ජපන් ස්වයං ආරක්ෂක බලකායේ ගුවන් යානා නැවත නැවතත් එම පුහුණු ප්‍රදේශයට ළඟා වී බාධා කිරීම් සිදු ක‍ර තිබේ. එය චීනයේ සාමාන්‍ය පුහුණුවට බරපතල ලෙස බලපාන අතර ගුවන් ගමන් ආරක්ෂාව අනතුරේ හෙළන බව ඔහු පෙන්වා දුන්නේය.

එමෙන්ම, ඒ සම්බන්ධයෙන් ජපානය සිදු කළ ප්‍රකාශය අසත්‍යය බව ඔහු පැවසීය. ජපානය වහාම අපහාස කිරීම නතර කළ යුතු අතර ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙස චීනය ජපානය ඉල්ලා සිටී. සිය ආරක්ෂාව සහ නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා, චීන නාවික හමුදාව නීතියට අනුකූලව අවශ්‍ය පියවර ගනු ඇතැයි Wang Xuemeng මහතා අවධාරණය කර ඇත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *