චීනයේ ඉහළම දේශපාලන උපදේශක මණ්ඩලයේ ස්ථාවර කමිටුව 14වන සැසිවාරයේ පූර්ණ රැස්වීම පවත්වයි

චීනයේ ඉහළම දේශපාලන උපදේශක මණ්ඩලයේ ස්ථාවර කමිටුව 14වන සැසිවාරයේ පූර්ණ රැස්වීම පවත්වයි

චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14 වැනි ජාතික කමිටුව, එහි ස්ථාවර කමිටුවේ 14වන සැසිවාරයේ පූර්ණ රැස්වීම අද(1) පෙරවරුවේ පැවැත්වීය. ස්ථාවර කමිටුවේ සාමාජිකයන් 14 දෙනෙකු එහිදී “ජාතික ආර්ථික හා සාමාජීය සංවර්ධනයේ‘15 වන පස් අවුරුදු සැලැස්ම’ක්‍රියාත්මක කිරීම පිළිබඳව සාකච්ඡා කර ඇත.

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ ස්ථාවර සාමාජික, චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටුවේ සභාපති Wang Huning මහතා රැස්වීමේ මුලසුන දැරීය.

චීන කොමියුනිස්ට් පක්ෂ 20වැනි මධ්‍යම කාරක සභාවේ සිව්වන පූර්ණ සැසිය‘15 වන පස් අවුරුදු සැලැස්ම’ක්‍රියාත්මක වන කාලය තුළ ආර්ථික හා සමාජ සංවර්ධනය සඳහා උසස් මට්ටමේ සැලසුම් හා උපායමාර්ගයන් සම්පාදනය කොට තිබෙන අතර චීන මාදිලියේ නවීකරණය ප්‍රවර්ධනය කොට චීන ජාතියේ විශිෂ්ට සංවර්ධන දැක්ම සාක්ෂාත් කරගැනීම ඉදිරියට මෙහෙයවීමට ඉන් හැකිවනු ඇති බවද එම සාමාජිකයන් එහිදී පවසා ඇත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *