චීනයේ ආර්ථික වර්ධනය එරට වෙහෙස මහන්සි වී වැඩ කිරීමේ ප්‍රතිඵලයක් බව ලෝක බැංකු සභාපති පවසයි

චීනයේ ආර්ථික වර්ධනය එරට වෙහෙස මහන්සි වී වැඩ කිරීමේ ප්‍රතිඵලයක් බව ලෝක බැංකු සභාපති පවසයි

“චීනයේ තිරසර සංවර්ධනයේ හැකියාව සහ අපේක්ෂාවන්” යන තේමාවෙන් චීන සංවර්ධන සංසදයේ 2024 වාර්ෂික රැස්වීමේ පළමු විශේෂ සම්මන්ත්‍රණය ඊයේ(24)  පැවැත්විණ. ඊට සහභාගී වූ ලෝක බැංකුවේ සභාපති Ajay Banga මහතා දේශනයක් පවත්වමින් පැවසුවේ චීනයේ  කැපී පෙනෙන ආර්ථික වර්ධනය සෑම අභියෝගයක්ම ජය ගත හැකි යැයි මනාව ඔප්පු කරන බවයි.

පසුගිය දශක කිහිපය තුළ චීනය ගෝලීය වශයෙන් කීර්තිමත් වර්ධනයක් අත්කර ගෙන ඇති අතර විශාල රැකියා ප්‍රමාණයක් නිර්මාණය කර ඇත. එමෙන්ම ගෝලීය දරිද්‍රතා අනුපාතය 44% සිට 9% දක්වා අඩු කිරීමට සහය වී ඇති බව ද Ajay Banga මහතා පැවසීය. මීට වසර දහයකට පෙර චීනය බරපතල වායු දූෂණ ගැටළුවලට මුහුණ දුන් නමුත් මේ වනවිට “නිල් අහස” චීනයේ සාමාන්‍ය තත්ත්වයක් බවට පත්ව ඇත.

චීනය ලෝක බැංකු ආධාර ලබන්නෙකුගේ සිට එහි විශාලතම පරිත්‍යාගශීලී ර‍ටක් දක්වා පරිවර්තනය වී ඇති බව ද හෙතෙම සඳහන් කළේ ය. චීනයේ සාර්ථක සංවර්ධන අත්දැකීම් ඉතියෝපියාව, ඉන්දුනීසියාව, මැලේසියාව, තුර්කිය සහ වියට්නාමය යන බොහෝ රටවලට ද හඳුන්වා දී තිබේ.

ආර්ථික සංවර්ධනය සහ පාරිසරික ආරක්ෂාව අන්‍යෝන්‍ය වශයෙන් ගැළපෙන ලෙස පවත්වා ගෙන යා හැකි බව චීනය ප්‍රායෝගිකව පෙන්නුම් කර ඇත. නිවැරදි සංවර්ධන ක්‍රියාමාර්ග සම්පාදනය කරමින් නිසි ලෙස ක්‍රියාත්මක කළහොත්, එමඟින් සෙසු රටවල සංවර්ධන මාර්ගය ආලෝකවත් කළ හැකිය. චීනය අපට එම සංවර්ධන මාර්ගය සොයා ගැනීමට සහය වී ඇති බව ද හෙතෙම ප්‍රකාශ කරයි.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *