චීනයෙන් ඉරානයට හදිසි මානුෂීය සහනාධාර

චීනයෙන් ඉරානයට හදිසි මානුෂීය සහනාධාර

චීන රතු කුරුස සමාජය, ඉරාන රතු අඩසඳ සමාජය වෙත ඇ.ඩො. දෙලක්ෂයක හදිසි මානුෂීය සහනාධාරයක් ලබා දෙයි. ඒ වෙනුවෙන් ඊයේ (15) ටෙහෙරන්හි ඉරානයේ චීන තානාපති කාර්යාලයේ විශේෂ උත්සවයක් පැවැත්විණ.

ඉරානයේ Shajareh Tayyebeh බාලිකා විද්‍යාලය වෙත පසුගියදා එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය අයගේ පවුල් වෙත සංවේගය දැක්වීම සඳහා එම මුදල් යොදා ගැනේ. 

වෙනස් කොට සැලකීමකින් තොරව සිවිල් වැසියන්ට හා හමුදාමය නොවන ඉලක්කයන් වෙත ප්‍රහාර එල්ල කිරීම චීනය හෙළා දකින බවත්, පාසල් වෙත ප්‍රහාර එල්ල කර දරුවන්ගේ ජීවිත අනතුරේ හෙළීම ජාත්‍යන්තර මානුෂවාදී නීති දැඩි ලෙස උල්ලංඝනය කරමින් මානව හෘද සාක්ෂියේ සීමාව ද ඉක්මවා ගිය බවත් ඉරානයේ චීන තානාපති Cong Peiwu මහතා මෙහිදී ප්‍රකාශ කළේය. 

වත්මන් දුෂ්කර අවස්ථාවෙන් මිදීමට චීනය ඉරාන ජනතාවට සහාය වීමට කැමැත්තෙන් සිටියි. මැදපෙරදිග රටවල අවංක මිත්‍රයෙකු හා උපායමාර්ගික හවුල්කරුවෙකු වශයෙන්, චීනය එම රටවල් සමග ගෝලීය ආරක්ෂක මුලපිරුම අනුගමනය කරමින් මැදපෙරදිග කලාපය වෙත නිසි ක්‍රමවේදයක් සහ එහි ජනතාවට හා ලෝකයට යළි සාමය ළඟා කර දීමට උත්සාහ කරනු ඇති බව ද ඔහු කියා සිටියි.

දුෂ්කර අවස්ථාවේදී ඉරානයට සහාය වන චීනයට කෘතඥතාව පළ කරන බවත්,එය දැවැන්ත රටක වගකීම මෙන්ම දෙරටේ ජනතාව එකිනෙකා වෙත සහයෝගය දැක්වීමේ ගැඹුරු මිත්‍රත්වය පිළිබිඹු කරන බවත් ඉරාන රතු අඩසඳ සමාජයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උප සභාපතිනි Razieh Alishavandi මහත්මිය එහිදී සඳහන් කර ඇත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *