චීනයට අයත් සාගර කලාපයේ නීතිවිරෝධීව රැඳී සිටින තම යාත්‍රා වහා ඉවත් කිරීමට පිලිපීනය පියවර ගත යුතු බව චීනය කියයි

චීනයට අයත් සාගර කලාපයේ නීතිවිරෝධීව රැඳී සිටින තම යාත්‍රා වහා ඉවත් කිරීමට පිලිපීනය පියවර ගත යුතු බව චීනය කියයි

චීනයට අයත් ෂියන්බින් ගල්පර ආශ්‍රිත සාගර කලාපයේ නීතිවිරෝධීව රැඳී සිටින තම යාත්‍රා වහාම ඉවත් කිරීමට පිලිපීනය ක්‍රියා කළ යුතු බව චීන ජාතිකාරක්ෂක අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශ ප්‍රකාශක Wu Qian මහතා (29) පැවති මාධ්‍ය හමුවකදී මේ බව පැවසුවේ, පිලිපීන යාත්‍රා චීන සාගර කලාපයේ නීතිවිරෝධීව රැඳී සිටීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

පසුගිය අප්‍රේල් මාසයේ සිට මේ දක්වා පිලිපීන වෙරළාරක්ෂක බලකායේ අංක 9701 දරන යාත්‍රාව චීනයට අයත් ෂියන්බින් ගල්පර ආශ්‍රිත මුහුදු කලාපයේ  නීතිවිරෝධීව රැදී සිටී. පිලිපීනයේ එම ක්‍රියාව චීනයේ ස්වෛරීභාවය දැඩි ලෙස උල්ලංඝනය කරන අතර, අවස්ථා ගණනක දී ඒ සම්බන්ධයෙන් පිලිපීනයට විරෝධය පළ කළ  බව ද Wu Qian මහතා පැවසීය.

අදාළ යාත්‍රාව සහ එහි රැඳී සිටින පිරිස හැකි ඉක්මණින් ඉවත් කරන ලෙසත්, එම ගල්පර ආශ්‍රිත සාගර කලාපය මිනිසුන් හෝ යාත්‍රා නොමැති සාමකාමී තත්ත්වයට යළි පත්කරන ලෙසත් චීනය පිලිපීනයෙන් ඉල්ලා ඇති බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *