පිරිහෙමින් පවතින ගෝලීය ආරක්ෂක තත්ත්වයකට මුහුණ දී සිටින ජාත්‍යන්තර ප්‍රජාව,පොදු ආරක්ෂාව සුරක්ෂිත කර බහුපාර්ශ්විකත්වය අනුගමනය කළ යුතුය. එක්සත් ජාතීන්ගේ චීන ස්ථාවර නියෝජිත Fu Cong මහතා ඊයේ(08) එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී යුරෝපා සුරක්ෂිත හා සහයෝගිතා සංවිධානයේ කටයුතු පිළිබඳ වාර්තා වෙත සවන් දීමෙන් අනතුරුව මෙම අදහස් පළ කළේය.
එහිදී කරුණු කිහිපයක් වෙත අවධානය යොමු කළ හෙතෙම, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුකූලව කටයුතු කරන ලෙසත්,එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හරය ලෙස ජාත්‍යන්තර පද්ධතිය පවත්වා ගන්නා ලෙසත් ඉල්ලා සිටියේය. එමෙන්ම සංවාද හා සාකච්ඡා පැවැත්වීමට සහාය දෙමින් සීතල යුද මානසිකත්වයට එරෙහි වන ලෙසත් ඔහු ඉල්ලීමක් කළේය.
යුක්රේන අර්බුදය පිළිබඳව ද අදහස් දක්වමින් Fu Cong මහතා අවධාරණය කළේ සංවාදය සහ සාකච්ඡා ක්‍රමවේදය එම ගැටලුව විසඳීමේ එකම මාර්ගය බවයි. එමෙන්ම, දේශපාලන විසඳුම සඳහා ඵලදායී කාර්යභාරයක් ඉටු කිරීමට කැමැත්තෙන් සිටින චීනය,සමබර හා ඵලදායී යුරෝපා ආරක්ෂක රාමුව ගොඩනැගීමට සහාය වන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
