ගෝල්ඩන් පැන්ඩා සම්මාන උළෙල ඇරඹේ

ගෝල්ඩන් පැන්ඩා සම්මාන උළෙල ඇරඹේ

ගෝලීය සිනමා කුසලතා සහ සංස්කෘතික හුවමාරුව සැමරීම මූලික කරගනිමින් පැවැත්වෙන දෙවන ගෝල්ඩන් පැන්ඩා සම්මාන උළෙල ඊයේ (12) දිනයේ දී චීනයේ චෙංඩු හිදී නිල වශයෙන් ආරම්භ විය.

චිත්‍රපට, රූපවාහිනී නාට්‍ය, වාර්තා චිත්‍රපට, සජීවිකරණ සහ විශේෂ ජූරි ත්‍යාගයක් යන කාණ්ඩ පහක් යටතේ සම්මාන 27 ක් පිරිනැමෙන, මෙම සම්මාන උළෙල සඳහා ලොව රටවල් සහ කලාප 126 කින් ඉදිරිපත් කිරීම් 5,000 කට වඩා ලැබී ඇත.

මේ අතරින් සියයට 70 ඉක්ම වූ චිත්‍රපට සහ නාට්‍ය ඇතුළු කලා නිර්මාණ ලැබී ඇත්තේ විදෙස් රටවලින් වීම කැපී පෙනෙන්නකි.

ගෝල්ඩන් පැන්ඩා සම්මාන උළෙල සඳහා ජූරි සභිකයින් 27 දෙනෙකු එක් වන අතර ඔවුන්ගෙන් ද අඩකට ආසන්න ප්‍රමාණයක් ජාත්‍යන්තරය නියෝජනය කරන්නන් වේ.

ප්‍රධාන සම්මාන කාණ්ඩ හතරෙහි මුලසුන හොබවනුයේ චීන අධ්‍යක්ෂ හුවාං ජියැන්සින්, ජර්මානු වාර්තා චිත්‍රපට නිෂ්පාදක පැට්‍රික් හෝල්, බ්‍රිතාන්‍ය රූපවාහිනී නිෂ්පාදක මැල් යන්ග් සහ චීන සජීවිකරණ අධ්‍යක්ෂ කායි ෂිජුන් විසිනි.

ශක්තිමත් ගෝලීය ඉදිරි දර්ශනයක් සහිත මෙම සිනමා උළෙල සඳහා, කයිරෝ චිත්‍රපට උළෙලේ සභාපති හුසේන් ෆාමි ද ආරාධනා ලබා ඇත.

සමාරම්භක උළෙල සඳහා එක් වෙමින් ඔහු, චීනය සමඟ ගැඹුරු මට්ටමේ චිත්‍රපට සහ රූපවාහිනී සහයෝගීතාවයක් ද ඉල්ලා සිටියේය.

අද (13) දිනය දක්වා පැවැත්වෙන මෙම උළෙල ජාත්‍යන්තර සංස්කෘතික සංසදයක්, සමාන්තර සැසි සහ සම්මාන උළෙල ලෙසින් ප්‍රධාන අවස්ථා තුනකට වෙන් කර ඇත.

මේ අතර මෙහිදී පිරිනැමෙන සම්මානවලට අමතරව, “පැන්ඩා සමඟ මුහුණට මුහුණ” ප්‍රදර්ශනයක් සහ අයදුම්කරුවන් 65,000 කට අධික සංඛ්‍යාවක් ආකර්ෂණය කරගත් ගෝලීය කෙටි වීඩියෝ තරඟයක් ද මෙහි ඇතුළත් වේ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *