ගෙවුණු ජනවාරි මාසයේ චීන පාරිභෝගික මිල දර්ශකයේ ඉහළ යාමක්

ගෙවුණු ජනවාරි මාසයේ චීන පාරිභෝගික මිල දර්ශකයේ ඉහළ යාමක්

ඉකුත් ජනවාරි මස චීන පාරිභෝගික මිල දර්ශකය 2025 වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව සියයට 0.2කින් ඉහළ යයි.

චීන ජාතික සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද(11) නිකුත් කළ නවතම සංඛ්‍යාලේඛනයට අනුව, 2026 වසරේ ජනවාරි මාසයේ චීන පාරිභෝගික මිල දර්ශකය, 2025 වසරේ දෙසැම්බර් මාසයට සාපේක්ෂව සියයට 0.2 කින් ඉහළ ගොස් ඇත.

එමෙන්ම, චීන පාරිභෝගික ඉල්ලුම අඛණ්ඩව යථා තත්ත්වයට පත් වී තිබේ. මූලික පාරිභෝගික මිල දර්ශකය ස්ථාවරව ඉහළ යාමේ ප්‍රවණතාවක පවතී. ආහාර සහ බලශක්ති සම්පත් මිල ගණන් හැරුණු විට එම මූලික පාරිභෝගික මිල දර්ශකය වසරින් වසර 0.8% කින් ඉහළ ගොස් තිබේ. එය 2025 වසරේ දෙසැම්බර් මාසයට වඩා 0.3%ක වැඩිවීමකි.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *