කොරියානු අර්ධද්වීපයේ සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා සියලු පාර්ශ්වයන්ගේ ඒකාබද්ධ උත්සාහයන් අවශ්‍ය බව චීනය පවසයි

කොරියානු අර්ධද්වීපයේ සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා සියලු පාර්ශ්වයන්ගේ ඒකාබද්ධ උත්සාහයන් අවශ්‍ය බව චීනය පවසයි

උතුරු කොරියාව (9) ප්‍රකාශ කළේ, තම රටට දකුණින් පිහිටි දකුණු කොරියාව සමග දේශසීමා මායිම් සදාකාලිකව වසා දමන බවයි. මේ පිළිබඳ චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය පෙන්වා දුන්නේ, කොරියානු අර්ධද්වීප තත්ත්වයේ වර්ධනයන් පිළිබඳ මෙන්ම, උතුරු-දකුණු කොරියානු සබඳතාවල අදාළ ප්‍රවණතා පිළිබඳව ද, චීනය දැඩි අවධානයක් යොමු කරන බවයි.

කොරියානු අර්ධද්වීපයේ සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම මෙන්ම, අර්ධද්වීප ප්‍රශ්නය විසදීමේ දේශපාලන විසදුම් ක්‍රියාවලිය ප්‍රවර්ධනය කිරීම, සියලු පාර්ශ්වයන්ගේ පොදු අවශ්‍යතාවලට අනුකූල ය. ජාත්‍යන්තර ප්‍රජාවේ පොදු අපේක්ෂාව ද එයයි. ඒ සඳහා සියලු පාර්ශ්වවල ඒකාබද්ධ උත්සාහයන් අවශ්‍ය බව, Mao Ning මහත්මිය සඳහන් කළා ය. 

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *