කෙහෙළිය ඇතුළු පිරිස නඩුව අවසන් වන තෙක් රිමාන්ඩ්

කෙහෙළිය ඇතුළු පිරිස නඩුව අවසන් වන තෙක් රිමාන්ඩ්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් හත්දෙනාගේ ඇප යෙදුම්පත් ප්‍රතික්ෂේප කළ මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය නඩු විභාගය අවසන්වනතුරු ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි නියම කළාය.

සැකකරුවන්ට ඇප නියම කරනු ලැබුවහොත් මහජන කැළඹීමක් ඇතිවීමට හැකියාවක් ඇතැයි අවධාරණය කළ මහේස්ත්‍රාත්වරයි සැකකරුවන්ට එරෙහිව එල්ලවී ඇති චෝදනා ලිඛිත සහ වාචික සාක්ෂි හෙළි වී ඇති බව සැකකරුවන්ට ඇප ප්‍රතික්ෂේප කරමින් නිකුත් කළ නියෝගයේ සඳහන් වේ. 

සැකකරුවන්ට ඇප නියම කරන්නැයි ඉල්ලා ඔවුන්ගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ ඇප අයැදුම් සම්බන්ධයෙන් නියෝගය විවෘත අධිකරණයේදී ප්‍රකාශයට පත්කරමින් එලෙස නියම කළ මහේස්ත්‍රාත්වරිය අධිකරණය මඟහැර සිටින සැකකරු සහ ඇප නියම කළ සැකකරු හැර නඩුවේ සැකකරුවන් 09 දෙනා ලබන 28 වැනි දා දක්වා තවදුරටත් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට ද නියම කළාය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *