කෘත්‍රිම බුද්ධි තාක්ෂණය විධිමත් සහ නිසි අයුරින් වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාව චීන ජනපති අවධාරණය කරයි

කෘත්‍රිම බුද්ධි තාක්ෂණය විධිමත් සහ නිසි අයුරින් වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාව චීන ජනපති අවධාරණය කරයි

චීනය තුළ කෘත්‍රිම බුද්ධි තාක්ෂණය විධිමත් හා නිසි අයුරින් ස්වෝත්සාහයෙන් යුතුව වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අවධාරණය කරයි.

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාව කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ සංවර්ධනය වෙත ඉහළ අවධානයක් යොමු කරන බව හෙතෙම පැවසීය. ඒ සඳහා මෑත වසරවල දී විධිමත් පියවරයන් රැසක්  ක්‍රියාවට නැංවීමෙන් එහි විස්තීරණ ශක්‍යතාවන් ඉහළ නංවා ඇති බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. හෙතෙම මේ බව පැවසුවේ  චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශය විසින් (25) සවස පවත්වනු ලැබූ කෘත්‍රිම බුද්ධි සංවර්ධනය හා නියාමනය පිළිබඳ 20 වැනි සාමූහික අධ්‍යයනයට එක් වෙමිනි.

සිය දුර්වලතා හඳුනා ගනිමින් සහ නොපසුබට උත්සාහයෙන් යුතුව කෘත්‍රිම බුද්ධි නවෝත්පාදන, නියාමන යාන්ත්‍රණය පූර්ණ වශයෙන් තහවුරු කළ යුතු ය. කෘත්‍රිම බුද්ධි තාක්ෂණය ඔස්සේ විවිධ ක්ෂේත්‍රයන් හි නවෝත්පාදන ඔප්නැංවිය යුතු බවට ද ෂී ජින්පිං මහතා එහිදී උපදෙස් දුන්නේය.‍

එසේ ම, කෘත්‍රිම බුද්ධිය පිළිබඳ ජාත්‍යන්තර සහයෝගිතා පුළුල් ලෙස පැවැත්විය යුතු බව අවධාරණය කළ චීන ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ ගෝලීය දකුණේ රාජ්‍යයන් අතර එහි ශක්‍යතා එසවීමට එම රටවලට සහය විය යුතු බවත්, ගෝලීය වශයෙන් එහි පරතරය අවම කිරීම සඳහා චීනය සිය දායකත්වය ලබා දිය යුතු බවත් ය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *