කැනඩාවට මෙක්සිකෝවට සහ චීනයට ඇමරිකාව අතිරේක තීරු බදු පැනවීමට එරෙහිව යුරෝපා සංගමයේ විරෝධය

කැනඩාවට මෙක්සිකෝවට සහ චීනයට ඇමරිකාව අතිරේක තීරු බදු පැනවීමට එරෙහිව යුරෝපා සංගමයේ විරෝධය

කැනඩාවේ, මෙක්සිකෝවේ සහ චීනයේ නිෂ්පාදිත සඳහා ඇමරිකාව අතිරේක තීරු බදු පැනවීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය සිය කණගාටුව පළ කරයි.

තීරු බදු පැනවීම ආර්ථික ගැටළු සහ උද්ධමනය ඇති කරන අතර, සියලු පාර්ශ්වයන්ට හානි කිරීමක් ද බව යුරෝපා කොමිසම (2) ප්‍රකාශ කළේය.

අවම තීරු බදු හරහා ආර්ථික ස්ථාවරත්වය හා වර්ධනය ඉදිරියට ගෙන යාම යුරෝපා සංගමය අඛණ්ඩව උත්සාහ කරමින් සිටින බවත් එහිදී සඳහන් කෙරිණ. එමෙන්ම ශක්තිමත් මෙන්ම නිසි නියාමනයක් මත ගොඩනැගෙන වෙළඳ පද්ධතියක් පවත්වාගෙන යාම සඳහා තම සංගමය කැපවී සිටින බව යුරෝපා කොමිසම පෙන්වා දුන්නේය.

තවද යුරෝපා සංගමයේ නිෂ්පාදිත කෙරෙහි අනවශ්‍ය ලෙස තීරුබදු පැනවීම ඇතුළු අසාධාරණ පියවර ගන්නා ඕනෑම වෙළඳ හවුල්කරුවෙකුට, තම සංගමය අධිෂ්ඨානශීලීව ප්‍රතිචාර දක්වනු ඇතැයි යුරෝපා කොමිසම වැඩිදුරටත් අවධාරණය කර ඇත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *