චීන කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ අදාළ නිලධාරීහු 2025 රටේ කාර්මික ආර්ථික ක්‍රියාකාරීත්ව තත්ත්වය හඳුන්වා දෙති. රාජ්‍ය මණ්ඩලයේ පුවත් කාර්යාලයේ අද(21) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවේදී අදාල තොරතුරු ඉදිරිපත් කෙරිණ.
2025 දී, යුවාන් මිලියන 20 ක් හෝ ඊට වැඩි වාර්ෂික ආදායමක් ඇති කාර්මික ව්‍යවසායන්හි එකතු කළ අගය වසරින් වසර 5.9% කින් වැඩි වූ අතර, චීනයේ නිෂ්පාදන පරිමාණය අඛණ්ඩව 16 වන වසරටත් ලොව විශාලතම අගය ලෙස පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. විදුලි සංදේශ සේවාවල සමස්ත පරිමාව ද වසරින් වසර 9.1% කින් වැඩි වී තිබේ. කාර්මික සහ තොරතුරු තාක්ෂණ අංශ ආර්ථික වර්ධනයට 40% කට වඩා දායක වී ඇති අතර එම අංශය චීන ආර්ථිකය තුළ ඉටු කළ කාර්යභාරය වඩාත් කැපී පෙනේ.
2025 අවසානය වන විට චීනයේ ඩිජිටල් කර්මාන්ත ආදායම යුවාන් ට්‍රිලියන 38.3 ක් පමණ වී ඇති අතර, එහි ප්‍රතිලාභය යුවාන් ට්‍රිලියන 3.1 ක් බව මූලික ගණනය කිරීම්වල දැක්වේ. එය 13 වන පස් අවුරුදු සැලසුම් කාලයේ අවසන් කාලය වූ 2020 වසරට සාපේක්ෂව පිළිවෙලින් 39.5% සහ 48.4% ක වැඩිවීමකි.
