කාම්බෝජ-තායිලන්ත දේශසීමා පිළිබඳ මහ කොමිසමේ (GBC) සිව් දින රැස්වීමක් සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා මැලේසියාවේ පැවැත්වේ. තමන්ගේ ම ආකාරයෙන් කාම්බෝජ-තායිලන්ත සබඳතා විධිමත් කිරීමට ඵලදායී කාර්යභාරයක් වෙනුවෙන් එක්වීම සඳහා චීනය සූදානම් බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Guo Jiakun මහතා අද පැවති නිත්‍ය මාධ්‍ය හමුවකදී පැවසීය. හෙතෙම මේ බව ප්‍රකාශ කළේ 7 වැනිදා පැවැත්වෙන එහි විශේෂ රැස්වීමට සහභාගී වීමට චීනයට ආරාධනා කිරීම සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
චීන-කාම්බෝජ-තායිලන්ත ත්‍රෛපාර්ශ්වික නිල නොවන රැස්වීම පසුගිය 30 වැනිදා සාර්ථකව පැවැත්වීමෙන් පසු, කාම්බෝජ-තායිලන්ත දේශසීමාවේ වෙඩි හුවමාරුවක් ද සිදුව නොමැත. අදාළ සටන් විරාම එකඟතාව ක්‍රමයෙන් ක්‍රියාත්මක වෙමින් පවතින බව ද Guo Jiakun මහතා පෙන්වා දුන්නේය.
කාම්බෝජය සහ තායිලන්තය ද බලාපොරොත්තු වන පරිදි, ඊට අදාළ සංවාද අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා ඔවුන් සමඟ මෙන්ම මැලේසියාව සහ අනෙකුත් කලාපීය රටවල් හා එක්ව සමීපව ක්‍රියා කිරීමට චීනය කැමැත්තෙන් පසුවෙයි. ආසියාන් සංවිධානයේ නිසි මැදිහත් වීම සඳහා චීනය සාධාරණ ස්ථාවරයකින් තවදුරටත් සහාය දෙනු ඇතැයි ද චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේය.
