කාම්බෝජය හා තායිලන්තය කඩිනමින් සටන් විරාමය ක්‍රියාත්මක කිරීම චීනයේ අපේක්ෂාවයි

කාම්බෝජය හා තායිලන්තය කඩිනමින් සටන් විරාමය ක්‍රියාත්මක කිරීම චීනයේ අපේක්ෂාවයි

කාම්බෝජය හා තායිලන්තය අතර දේශසීමා ප්‍රදේශයේ ගැටුම පිළිබඳ චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා චීනයේ ස්ථාවරය පැහැදිලි කරයි.

අසල්වැසි මිත්‍රත්වය, අන්‍යෝන්‍ය විශ්වාසය, භේද මනා ලෙස පාලනය කිරීම, කාම්බෝජයේ හා තායිලන්තයේ දිගුකාලීන ප්‍රතිලාභයන්ට ගැළපෙන අතර එය කලාපයේ සාමය හා ස්ථාවරත්වයට උපකාරී වන බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා ඊයේ (27) පැවසීය.

ගැටුම් හේතුවෙන් කාම්බෝජයේ හා තායිලන්තයේ සිදුව ඇති ජීවිත හානි සම්බන්ධයෙන් චීනය සිය කණගාටුව හා දැඩි ශෝකය පළ කරයි. දෙරටේ ජනතාවගේ පොදු ප්‍රතිලාභ වෙනුවෙන් දෙපාර්ශ්වය සංවාද හා සාකච්ඡා ඔස්සේ සාමකාමීව භේද විසඳා ගනිමින් කඩිනමින් සටන් විරාමයට එළඹ දේශසීමා ප්‍රදේශයේ සාමය හා ස්ථාවරත්වය යළි පිහිටුවීම චීනයේ අපේක්ෂාව බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

එමෙන්ම කාම්බෝජය හා තායිලන්තය සමග සමීප සංවාද පවත්වමින් සාමය හා සාකච්ඡා ප්‍රවර්ධනය කරමින් සටන් විරාමය වෙනුවෙන් අර්ථවත් දායක්තවයක් දැක්වීමට චීනය කැමැත්තෙන් සිටින බව ද ඔහු පෙන්වා දුන්නේය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *