කලාපීය ඒකාබද්ධතාව ශක්තිමත් කිරීම කෙරෙහි ආසියාන් සමුළුවේ අවධානය

කලාපීය ඒකාබද්ධතාව ශක්තිමත් කිරීම කෙරෙහි ආසියාන් සමුළුවේ අවධානය

46 වන ආසියාන් නායක සමුළුව මැලේසියාවේ ක්වාලාලම්පූර් අගනුවර හිදී පැවැත්වේ. “ක්වාලාලම්පූර් ප්‍රකාශනය” ඊයේ(26) පස්වරුවේ සම්මත කෙරිණ. ඉන් ඉදිරි වසර 20 තුළ ආසියාන් සංවිධානයේ සංවර්ධනය සඳහා මග පෙන්වීම සහ සැලසුම් සැපයේ.

වාරික සභාපති රට වන මැලේසියානු අගමැති Dato’ Seri Anwar bin Ibrahim මහතා, “ක්වාලාලම්පූර් ප්‍රකාශනය” අත්සන් කිරීමේ උත්සවයේදී පෙන්වා දුන්නේ, ආසියාන් රටවල් සමීපව කටයුතු කිරීමෙන්, ගෝලීය ස්ථාවරත්වයක් ලෙසත්, නැගී එන ආර්ථික එකකයක් ලෙසත්, සිය වැදගත් ස්ථානය තහවුරු කර ගනු ඇති බවයි. වත්මන් ජාත්‍යන්තර තත්ත්වය සංකීර්ණ හා වෙනස් වෙමින් පවතී. ආසියාන් රටවල් එක්ව කටයුතු කිරීමෙන්, කලාපීය සාමය, ස්ථාවරත්වය සහ සමෘද්ධිය ප්‍රවර්ධනය කළ යුතු බව ඔහු පැවසීය. “ක්වාලාලම්පූර් ප්‍රකාශනය” සංවර්ධන මාර්ගෝපදේශ ලේඛනයක් පමණක් නොව, කලාපයේ අනාගතය සඳහා ආසියාන් සාමාජික රටවල පොදු ප්‍රතිඥාවකි. මෙය, සියලු රටවල් බහුපාර්ශ්විකත්වය අනුගමනය කිරීම මෙන්ම, අන්‍යෝන්‍ය යහපත හා සහයෝගීතා කෙරෙහි අධිෂ්ඨානය පෙන්නුම් කරන්නක් බව, මැලේසියානු අගමැතිවරයා සඳහන් කළේ ය.

“ඉවසිලිවන්තභාවය සහ තිරසාරභාවය” මෙවර සමුළුවේ තේමාවයි. කලාපීය ඒකාබද්ධතාව ශක්තිමත් කිරීම සහ වෙළඳ අවදානම් වලට ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියුණු කිරීම කෙරෙහි සමුළුව අවධානය යොමු කරයි. සමුළුව අතරතුර, ආසියාන් රටවල නායකයෝ කලාපීය උපායමාර්ගික ප්‍රමුඛතා, සහයෝගීතාව සහ සංවර්ධන යාන්ත්‍රණ ආදිය පිළිබඳව අදහස් හුවමාරු කර ගත්හ. මෙය ආසියාන් හි අනාගත සංවර්ධනය සඳහා අඩිතාලමකි.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *