රටවල් අතර සබඳතා වර්ධනය කොට සහයෝගිතා පවත්වාගෙන යාමේදී, කණ්ඩායම් දේශපාලනය මැදිහත්ව ගැටුම් අවුලුවාලීමෙන් වළකින ලෙස චීනය අවධාරණය කරයි.
චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Guo Jiakun මහතා (14) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ප්‍රකාශ කළේ මෙම වසරේ සිට ඉන්දියාවට හමුදා ආධාර වැඩි කරන බවයි.
ඒ සම්බන්ධයෙන් Guo Jiakun මහතා ප්‍රතිචාර දක්වමින් පැවසුවේ, ආසියා හා ශාන්තිකර කලාපය සාමකාමී සංවර්ධනයක් සහිත කලාපයක් වන අතර මෙහිදී භූ දේශපාලනික හැසිරවීමක් සිදු නොවිය යුතු බවයි. ඇතැම් රටවල සහයෝගතාව පවත්වා ගැනීම චීනය හේතුවෙන් සිදුවන්නක් බව නොසිතිය යුතුය. කණ්ඩායම් දේශපාලනය හා ගැටුම් ඇති කිරීම ආරක්ෂාවට හානියක් වන අතර ආසියා හා ශාන්තිකර කලාපයේ සහ ලෝකයේ සාමය හා ස්ථාවරත්වයට අහිතකර වන බව ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.