ඒකපාර්ශ්වික බලහත්කාර පියවර කෙරෙහි චීනය විරෝධය පළ කරයි

ඒකපාර්ශ්වික බලහත්කාර පියවර කෙරෙහි චීනය විරෝධය පළ කරයි

ඒකපාර්ශ්වික බලහත්කාර පියවර එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අරමුණු සහ මූලධර්ම උල්ලංඝනය කරන බවත් බහුපාර්ශ්විකත්වයේ සහ ජාත්‍යන්තර නීති පාලනයේ පදනමට හානි සිදු කරන බවත් එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිත Fu Cong මහතා ප්‍රකාශ කරයි. ඔහු එසේ ප්‍රකාශ කළේ ඊයේ(16) මහා සම්මේලනයේ පැවති ඒකපාර්ශ්වික බලහත්කාර පියවර පිළිබඳ විවාදය අමතමිනි.

ඒකපාර්ශ්වික බලහත්කාර පියවර සෙසු රටවල මූලික මානව හිමිකම් උල්ලංඝනය කරන අතර පද්ධතිමය මානුෂීය ව්‍යසන ඇති කරන බව ද ඔහු පෙන්වා දෙයි.

වනාන්තර නීතිය තාර්කික කිරීමට උත්සාහ කිරීමේදී බටහිර රටවල් කිහිපයක් ඒකපාර්ශ්වික බලහත්කාර පියවර උපයෝගී කර ගෙන එය ආයුධ ලෙස යොදා ඇත. මෙය සම්පූර්ණයෙන්ම ඒකපාර්ශ්විකවාදය, ආධිපත්‍යය සහ බල දේශපාලනය පතුරුවා හැරීමකි .

ජාත්‍යන්තර ප්‍රජාවේ සාධාරණ ඉල්ලීමට අවනත වී වහාම, කොන්දේසි විරහිතව සහ සම්පූර්ණයෙන්ම ඒකපාර්ශ්වික බලහත්කාර පියවර ඉවත් කරන ලෙස චීනය බටහිර රටවල් කිහිපයකින් ඉල්ලා සිටින බව Fu Cong මහතා අවධාරණය කර ඇත.

ඒකපාර්ශ්වික බලහත්කාර පියවර පිළිබඳ විවාදයකින් පසුව, එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනය සෑම වසරකම දෙසැම්බර් 4 වනදා “ඒකපාර්ශ්වික බලහත්කාර පියවරයන්ට එරෙහි ජාත්‍යන්තර දිනය” ලෙස ප්‍රකාශයට පත් කිරීමේ යෝජනාවක් සම්මත කළේය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *