එක්සත්, සමගි, සමෘද්ධිමත්, ශිෂ්ටසම්පන්න, ප්‍රගතිශීලී, ආරක්ෂිත, මනා පරිසරය ඇති නවීන සමාජවාදී ෂින්ජ්‍යං ප්‍රදේශයක් ගොඩනැගීමට උත්සාහ කළ යුතුයි–චීන ජනපති

එක්සත්, සමගි, සමෘද්ධිමත්, ශිෂ්ටසම්පන්න, ප්‍රගතිශීලී, ආරක්ෂිත, මනා පරිසරය ඇති නවීන සමාජවාදී ෂින්ජ්‍යං ප්‍රදේශයක් ගොඩනැගීමට උත්සාහ කළ යුතුයි–චීන ජනපති

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ නියෝජිත පිරිස මෙහෙයවමින් එම සභාවේ මහලේකම්, ජනාධිපති සහ මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජින්පිං මහතා අද(24) ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තයේ පක්ෂ කමිටුවේ සහ රජයේ රාජ්‍ය කාරක වාර්තාවන්ට සවන් දී තිබේ. ඔහු ප්‍රමුඛ මධ්‍යම කාරක සභාවේ නියෝජිත පිරිස එම ප්‍රදේශයට පැමිණියේ ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තය පිහිටුවීමේ 70 වන සංවත්සරයේ සැමරුමට එක්වීම සඳහාය.

නව යුගයේ පක්ෂයේ ෂින්ජ්‍යං ප්‍රදේශය පාලන උපාය මාර්ගය සම්පූර්ණයෙන්ම හා නිවැරදිව ක්‍රියාත්මක කළ යුතු බවත්, ස්ථාවරත්වය පවත්වා ගනිමින් ප්‍රගතිය ළඟා කර ගැනීමේ පොදු මූලධර්මයට අනුගත විය යුතු බවත් එම වාර්තාවන්ට සවන් දීමෙන් අනතුරුව ෂී ජින්පිං මහතා අවධාරණය කර ඇත. සංවර්ධනය හා ආරක්ෂාව සම්බන්ධීකරණය කරමින් සමාජ ස්ථාවරත්වය සහ තිරසර සාමය පවත්වා ගැනීමේ සමස්ත ඉලක්කය තහවුරු කර ගත යුතු ය. එක්සත්, සමගි, සමෘද්ධිමත්, ශිෂ්ටසම්පන්න, ප්‍රගතිශීලී, ආරක්ෂිත, මනා පරිසරය ඇති නවීන සමාජවාදී ෂින්ජ්‍යං ප්‍රදේශයක් ගොඩනැගීමට උත්සාහ කළ යුතු බව ද ෂී ජින්පිං මහතා අවධාරණය කළේය.

ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තය පිහිටුවා ගතවූ වසර 70 තුළ, පක්ෂ මධ්‍යම කාරක සභාවේ ශක්තිමත් නායකත්වය සහ රට පුරා ජනතාවගේ ශක්තිමත් සහයෝගය යටතේ, එම ප්‍රදේශයේ පක්ෂ කමිටුව සහ රජය සමස්ථ ජනවාර්ගික කණ්ඩායම්වල ජනතාව මෙහෙයවා රටේ එක්සත් බව, වාර්ගික සමගිය සහ සමාජ ස්ථාවරත්වය ස්ථිරව ආරක්ෂා කරමින් ආර්ථික හා සමාජ සංවර්ධනය අඛණ්ඩව ප්‍රවර්ධනය කිරීමට සමත් විය. මේ තුළින් ෂින්ජ්‍යංහි සම්පූර්ණ නවමු මුහුණුවරක් පෙන්නුම් කර ඇත.

ෂින්ජ්‍යං හි අනන්‍ය සම්පත් සහ කාර්මික පදනම් මත එහි අද්විතීය ලක්ෂණවලට ගැලපෙන උසස් තත්ත්වයේ සංවර්ධන මාවතක් ක්‍රියාකාරීව ගවේෂණය කිරීමේ අවශ්‍යතාවය ෂී ජින්පිං මහතා අවධාරණය කළේය.

ෂින්ජ්‍යං හි සමස්ත සමාජ ස්ථාවරත්වය පවත්වා ගැනීමට සෑම උත්සාහයක්ම ගත යුතුය. මෙහිදී පක්ෂ නායකත්වය සහ පක්ෂයේ සංවර්ධනය ශක්තිමත් කිරීම ෂින්ජ්‍යං හි නවීකරණ ව්‍යාපාරය ඉදිරියට ගෙන යාම සඳහා ලබා දී ඇති මූලික සහතිකයකි. ‘ෂින්ජ්‍යං නිෂ්පාදන හා ඉදිකිරීම් බලකාය’ෂින්ජ්‍යං සඳහා පක්ෂ මධ්‍යම කාරක සභාවේ සමස්ත ඉලක්ක සපුරා ගැනීමේදී ප්‍රධාන උපායමාර්ගික බලවේගයක් බව ද ඔහු පෙන්වා දී තිබේ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *