එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් අදාළ රටවල අභ්‍යන්තර කටයුතු හා සම්බන්ධ නොවිය ‍යුතු බව චීනය පවසයි

එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් අදාළ රටවල අභ්‍යන්තර කටයුතු හා සම්බන්ධ නොවිය ‍යුතු බව චීනය පවසයි

එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් අදාළ රටවල අභ්‍යන්තර කටයුතු හා සම්බන්ධ නොවිය ‍යුතු බව එක්සත් ජාතීන්ගේ චීන ස්ථාවර නියෝජිතයා පවසයි.

එම මෙහෙයුම් ගැටුම් හෝ අර්බුදවල පාර්ශ්වයක් නොවිය යුතු බවද හෙතෙම කියා සිටී. වර්තාමනයේ දී ජාත්‍යන්තර හා කලාපීය ආරක්ෂක තත්ත්වයන් ප්‍රබල වෙනසකට ලක්වෙමින් පවතී. සාම සාධක මෙහෙයුම් හරස් මංසන්ධියකට පැමිණ ඇතැයි ද එක්සත් ජාතීන්ගේ චීන ස්ථාවර නියෝජිත ෆූ ට්සොන්ග් මහතා ආරක්ෂක මණ්ඩලය ඊයේ(9) පැවැත්වූ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් පිළිබඳ විවෘත විවාදයට එක්වෙමින් සඳහන් කළේය.

එක්සත් ජාතීන්ගේ  සාම සාධක මෙහෙයුම් හී පාර්ශ්වයන්ගේ කැමැත්ත, අපක්ෂපාතීත්වය, ආත්මාරක්ෂාව වෙනුවෙන් හැර බලය භාවිත නොකිරීම, ආරක්ෂක අයිතිය යන මූලධර්ම තුනේ වැදගත්කම ඉස්මතු කළ හෙතෙම දිගු කාලීනව මූලධර්ම පවත්වා ගැනීමේ වැදගත්කමද පෙන්වා දුන්නේය. යම් රටක අභ්‍යන්තර ගැටුම්වලට ප්‍රතිචාර වශයෙන් බහුවිධ සාම සාධක මෙහෙයුම් යෙදවීමක් සිදු කළද අදාළ රටේ උත්සාහයන් බැහැර නොකළ යුතු බවද‍ හෙතෙම සඳහන් කළේය. එම මෙහෙයුම් අදාළ රටේ ප්‍රමුඛතා මත ගැලපිය යුතු අතර එය දේශපාලන ප්‍රමුඛතාවන් හෝ සෙ‍සු අයගේ දේශපාලන නිරවද්‍යතාවන් වෙනුවෙන් යොදා නොගත යුතු බවද එක්සත් ජාතීන්ගේ චීන ස්ථාවර නියෝජිත ෆූ ට්සොන්ග් මහතා සඳහන් කළේය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *