උපායමාර්ගික හා දිගුකාලීන ඉදිරි දර්ශනයකින් චීන-ඉන්දියානු සබඳතාවේ සංවර්ධනය කෙරෙහි අවධානය

උපායමාර්ගික හා දිගුකාලීන ඉදිරි දර්ශනයකින් චීන-ඉන්දියානු සබඳතාවේ සංවර්ධනය කෙරෙහි අවධානය

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද(31) ටියැන්ජින් හිදී 2025 ෂංහයි සහයෝගිතා සංවිධානයේ නායක සමුළුව සඳහා චීනයට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය Narendra Modi මහතා හමු විය.

චීන-ඉන්දියානු රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ස්ථාපිත කිරීමේ 75 වන සංවත්සරය මේ වසරට යෙදෙයි. දෙපාර්ශ්වය උපායමාර්ගික හා දිගුකාලීන ඉදිරි දර්ශනයකින් චීන-ඉන්දියානු සබඳතාව සැලකිය යුතු බවත් මෙවර ටියැන්ජින් හමුවීම හරහා එය ඉහළ නංවා ගෙන විධිමත් මෙන්ම ස්ථාවර ලෙස සංවර්ධනය කළ යුතු බවත් ෂී ජින් පිං මහතා එහිදී පැවසීය. මේ සඳහා ෂී ජින් පිං මහතා යෝජනා කිහිපයක් ඉදිරිපත් කර ඇත. උපායමාර්ගික සංවාදය තහවුරු කරමින් අන්‍යෝන්‍ය විශ්වාසය ගැඹුරු කළ යුතු ය. සහයෝගිතා ව්‍යාප්ත කර අන්‍යෝන්‍ය ජයග්‍රහණ ලබා ගැනීම ඉටු කළ යුතු ය. එමෙන් ම එකිනෙකාගේ අවශ්‍යතා සලකා සාමකාමී පැවැත්ම අනුගමනය කළ යුතු ය. බහුපාර්ශ්වික සම්බන්ධීකරණය ශක්තිමත් කර පොදු ජයග්‍රහණ ආරක්ෂා කළ යුතු ය. ඓතිහාසික වගකීම් භාර ගන්නා දෙරට බහුපාර්ශ්විකවාදය අනුගමනය කරමින් ජාත්‍යන්තර යුක්තිය හා සාධාරණය ආරක්ෂා කර ලෝක බහුධ්‍රැවීය තත්ත්වය ප්‍රවර්ධනය කිරීමට සහ ජාත්‍යන්තර සබඳතා ප්‍රජාතන්ත්‍රීයකරණය සඳහා එක්ව ක්‍රියා කළ යුතු ය. චීනය හා ඉන්දියාව ආසියාවේ සහ ලෝකයේ සාමය හා සමෘද්ධිය පවත්වා ගැනීම සඳහා නිසි දායකත්ව ලබා දිය යුතු යැයිද ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කළේය.

ප්‍රතිවාදීන් නොවන ඉන්දියාව සහ චීනය හවුල්කාර රටවල් දෙකකි. දෙරටේ පොදු එකඟතාවන් වෙනස්කම්වලට වඩා වැඩි බව Narendra Modi මහතා සඳහන් කළේය. දේශසීමා ගැටලුව විසඳා ගැනීම සඳහා යුක්ති සහගත, සාධාරණ මෙන්ම දෙපාර්ශ්වයටම අන්‍යෝන්‍ය වශයෙන් පිළිගත හැකි විසඳුමක් චීනය සමඟ සොයා ගැනීමට ඉන්දියාව කැමැත්තෙන් සිටින බවද හෙතෙම පැවසීය. ඉන්දියාව සහ චීනය උපායමාර්ගික ස්වාධීනත්වය සහ ස්වාධීන රාජ්‍ය තාන්ත්‍රික කටයුතු අනුගමනය කරයි. දෙරටේ සබඳතාව කිසිදු තෙවන පර්ශ්වයකින් බලපෑමට ලක් නොවනු ඇතැයි ද හෙතෙම අවධාරණය කළේය. දෙපාර්ශ්වය සමඟ එක්ව ජගත් කටයුතුවලදී බහුපාර්ශ්විකවාදයේ ශක්තිය තහවුරු කරනු ඇති බව ඉන්දීය අගමැතිවරයා පැවසීය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *