උතුරු කොරියාවේ 77වන ජාතික දිනයට චීන ජනපතිගෙන් සුබ පැතුම්

උතුරු කොරියාවේ 77වන ජාතික දිනයට චීන ජනපතිගෙන් සුබ පැතුම්

උතුරු කොරියාවේ 77වන ජාතික දිනය වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා එරට කම්කරු පක්ෂ මහා ලේකම්, ජාතික කටයුතු පිළිබඳ කොමිසමේ සභාපති Kim Jong Un මහතා වෙත සුබ පැතුම් පණිවිඩයක් යොමු කර ඇත.

පසුගිය වසර 77 තුළ, උතුරු කොරියා කම්කරු පක්ෂය ජනතාව එක්සත් කර නොනවතින උත්සාහයන් මගින් රටේ සමාජවාදී ව්‍යාපාරයේ විවිධ අංශවල අඛණ්ඩ සංවර්ධනය ප්‍රවර්ධනය කර ඇති බව ෂී ජින්පිං මහතා සිය සුබ පැතුම් පණිවිඩයෙන් පෙන්වා දුන්නේය. මෑත වසරවලදී, මහා ලේකම්වරයා ප්‍රමුඛ කම්කරු පක්ෂයේ නායකත්වය යටතේ, උතුරු කොරියානු ජනතාව, පක්ෂයේ අටවන මහජන නියෝජිත සම්මේලනයේ දී නියම වූ ඉලක්ක සහ කාර්යයන් සාර්ථකව සම්පූර්ණ කර ඇති අතර ජයග්‍රහණ රැසක් අත්කර ගෙන ඇතැයි ද ඔහු පැවසීය.

චීන-උතුරු කොරියානු සබඳතා අඛණ්ජඩව පවත්වා ගැනීම, තහවුරු කිරීම සහ වර්ධනය කිරීම, සැමවිටම චීන ආණ්ඩු පක්ෂයේ සහ රජයේ නොසැලෙන උපායමාර්ගික ප්‍රතිපත්තිය බව ෂී ජින්පිං මහතා අවධාරණය කළේය. උතුරු කොරියාව සමඟ උපායමාර්ගික සන්නිවේදනය, හුවමාරු සහ සහයෝගීතාව ශක්තිමත් කරමින් දෙරට අතර මිත්‍රත්වය සහ දෙරටේ සමාජවාදී ව්‍යාපාරය ඒකාබද්ධව ඉදිරියට ගෙන යාමට චීනය කැමැත්තෙන් සිටී. මේ තුළින් කලාපයේ සහ ලෝකයේ සාමය හා සංවර්ධනය සඳහා වැඩි දායකත්වයක් ලබා දීමට අපේක්ෂා කරන බව ද චීන ජනාධිපතිවරයා පවසා ඇත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *