ඉරාන නායකයා මුහුණ පෑ ගුවන් අනතුර පිළිබඳ විමර්ශනයට විශේෂඥ කණ්ඩායමක්

ඉරාන ජනාධිපති Seyed Ebrahim Raisi මහතාගේ හදිසි අභාවය හේතුවෙන්, ඉරානය දින පහක මහජන ශෝක කාලයක් පවත්වන බව, ඉරානයේ උත්තරීතර නායක Ayatollah Ali Khamenei මහතා කියාසිටී.

ඉරාන රජයේ කැබිනට් මණ්ඩලය ද විශේෂ රැස්වීමක් පවත්වා මීට අදාළව ප්‍රකාශයක් නිකුත් කරමින්, විපතට පත්වූවන් වෙනුවෙන් ශෝකය පළ කළ අතර, එම කාලය තුළ රාජ්‍ය කටයුතුවලට කිසිඳු බාධාවක් නොවීමට සහතික වන බව නිවේදනය කළේය.

ගුවන් අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය කිරීම සඳහා ඉරාන සන්නද්ධ හමුදාවේ ප්‍රධාන මාණ්ඩලික ප්‍රධානියා, විශේෂඥයන් පිරිසකගෙන් සමන්විත ඉහළ මට්ටමේ කණ්ඩායමක් පත්කිරීමට පියවර ගත් බව ඉරානයේ IRNA පුවත් ඒජන්සිය ඊයේ (20) වාර්තා කළේය. ඒ අනුව එම පිරිස සිද්ධිය වූ ස්ථානයට පැමිණ ඇති අතර, හෙලිකොප්ටර් යානය අනතුරට පත් වූ හේතුව සොයා පරීක්ෂණ අරඹා ඇත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *