ඉරාන න්‍යෂ්ටික ප්‍රශ්නය පිළිබඳව චීනයෙන් යෝජනා 5ක්

ඉරාන න්‍යෂ්ටික ප්‍රශ්නය පිළිබඳව චීනයෙන් යෝජනා 5ක්

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යංශයේ සාමාජික විදේශ අමාත්‍ය වං යී මහතා,(14) බෙයිජිංහිදී රුසියා උප විදේශ ඇමති Sergei Ryabkov මහතා හා ඉරාන උප විදේශ ඇමති Kazem Gharibabadi මහතා හමු විය. ඉරාන න්‍යෂ්ටික ගැටළුව නිසි ලෙස විසඳීම සඳහා චීනයේ යෝජනා 5ක් වං යී මහතා එහිදී ඉදිරිපත් කළේය.

දේශපාලන හා රාජ්‍යතාන්ත්‍රික ක්‍රම මගින් ගැටළු සාමකාමීව විසඳා ගැනීමට චීනය යෝජනා කරන අතර නීතිවිරෝධී සම්බාධක පැනවීම හා යුධ බලයෙන් තර්ජනය කිරීමට විරුද්ධ වන බව වං යී මහතා පැවසීය.

න්‍යෂ්ටික අවි සංවර්ධනය නොකිරීමේ පොරොන්දුව ඉරානය අනුගමණය කළ යුතු ය. න්‍යෂ්ටික අවි ව්‍යාප්ත නොකිරීමේ සම්මුතියට එක් වන රටක් ලෙස ඉරානයට හිමි සාමකාමීව න්‍යෂ්ටික බලය භාවිත කිරීමේ අයිතියට විවිධ පාර්ශ්වයන් ගරු කළ යුතු බව වං යී මහතා කීය.

ඉරාන න්‍යෂ්ටික ප්‍රශ්නය පිළිබඳ විස්තීර්ණ ගිවිසුමේ රාමුව මත පදනම්ව නව එකඟතාවන්ට එළඹේ. ඇමරිකාව කඩිනමින් සාකච්ඡාවට යළි එක් විය යුතු බව වං යී මහතා පෙන්වා දුන්නේය.

සංවාද පැවැත්වීමෙන් සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම අනුගමනය කරයි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය බලහත්කාරයෙන් මැදිහත් වීමට විරුද්ධ වන බව වං යී මහතා කීය.

පියවරෙන් පියවර සාකච්ඡා කිරීමෙන් එකඟතාවයට පැමිණීමට වෑයම් කළ යුතු ය. අන්‍යෝන්‍ය වශයෙන් ගරුකිරීම මත ජගත් ප්‍රජාවේ අපේක්ෂාවට ගැළපෙන විසඳුම් ලබා ගත හැකි බව වං යී මහතා අවධාරණය කළේය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *