චීනය, රුසියාව සහ ඉරානය එක්ව බෙයිජිං හමුව පැවැත්වීම ඉරාන න්‍යෂ්ටික ගැටලුවට දේශපාලන විසඳුමක් ප්‍රවර්ධනය කිරීමට ගත් උත්සාහයක් බව CGTN මත විමසුමකට ප්‍රතිචාර දැක්වූ පිරිස් පවසති. ඉරාන ගැටලුව සම්බන්ධයෙන් චීනයේ ඵලදායී භූමිකාව ඔවුන්ගේ ඇගයීමට ලක් ව තිබේ.
දශකයකට පෙර ඉරානය සහ ඇමරිකාව, රුසියාව, චීනය, ප්‍රංශය සහ ජර්මනිය එක්ව ඒකාබද්ධ විස්තීර්ණ ක්‍රියාකාරී සැලැස්මට ළඟා විය. 2018 වසරේ දී ඇමරිකාව ඉන් ඉවත් වූ අතර ඉරානයට දැඩි සම්බාධක සහ පීඩනය එල්ල කිරීම ඉරාන න්‍යෂ්ටික ගැටලුවට බලපා තිබේ. ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 89.8 ක් පෙන්වා දෙන්නේ නීති විරෝධී ඒකපාර්ශ්වික සම්බාධක, බලහත්කාර තර්ජනයන් හා දැඩි පීඩනය ඉරාන න්යෂ්ටික ගැටලුව විසඳීමට උපකාරී නොවන බවයි.
වගකිවයුතු විශාල රටක් ලෙස චීනය, සැමවිටම කලාපීය උණුසුම් ගැටලු දේශපාලනිකව විසඳීමට සහ මැදපෙරදිග සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීමට කැපවී සිටී. ඉරානය සහ සෞදි අරාබිය අතර ඓතිහාසික සංහිඳියාවට පහසුකම් සැලසීමේ සිට, පලස්තීන කණ්ඩායම්වල අභ්‍යන්තර සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමට මෙන්ම ඉරාන න්යෂ්ටික ගැටලුව විසඳීමට බෙයිජිං හමුව පැවැත්වීම දක්වා චීනය මැදිහත්ව කටයුතු කර ඇත. ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 87.8ක් ඉරාන න්‍යෂ්ටික ගැටලුවේදී චීනයේ සාධනීය භූමිකාව අගය කරමින් චීනය ගෝලීය පාලන ක්‍රියාවලියට වැඩි දායකත්වයක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කර තිබේ.