ඉතිහාසයේ “විශාලතම” කෘත්‍රිම බුද්ධි යටිතල පහසුකම් ආයෝජන ව්‍යාපෘතියට ඇමෙරිකාව සූදානම්

ඉතිහාසයේ “විශාලතම” කෘත්‍රිම බුද්ධි යටිතල පහසුකම් ආයෝජන ව්‍යාපෘතියට ඇමෙරිකාව සූදානම්

ඇමෙරිකාවේ කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සංවර්ධනයට අවශ්‍ය යටිතල පහසුකම් ගොඩනැගීම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 500ක ආයෝජනයක් සිදු කිරීමට ජපාන SoftBank සමූහ සංස්ථාව, ඇමෙරිකානු OpenAI සමාගම සහ ඇමරිකානු Oracle සමාගම ඒකාබද්ධව පියවර ගෙන ඇත. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඊයේ (21) ධවල මන්දිරයේදී මේ බව නිවේදනය කළේය.

මෙම සමාගම් එක්ව “Stargate” නමින් ව්‍යාපෘතියක් නිර්මාණය කර ඇති බවත්, ඒ වෙනුවෙන් ඇමෙරිකාවේ දත්ත මධ්‍යස්ථාන ගොඩනැගීමට සැලසුම් කර ඇති බවත් ඔහු එහිදී දන්වා ඇත. මෙය ඇමෙරිකානු ඉතිහාසයේ “විශාලතම” කෘත්‍රිම බුද්ධි යටිතල පහසුකම් ආයෝජන ව්‍යාපෘතිය බව ද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පැවසීය.

ඇමෙරිකානු මාධ්‍ය වාර්තා වලට අනුව, මෙම ව්‍යාපෘතියට අදාළව ඉදි කරනු ලබන පළමු දත්ත මධ්‍යස්ථානය එරට ටෙක්සාස් ප්‍රාන්තයේ ස්ථාපිත කරනු ඇති අතර පසුව එය සෙසු ප්‍රාන්ත වෙත ද ව්‍යාප්ත කිරීමට නියමිතය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *