ඉතාලියේ ශීත පැරාලිම්පික් උළෙල සඳහා එක් වන චීන කණ්ඩායම නම් කෙරේ

ඉතාලියේ ශීත පැරාලිම්පික් උළෙල සඳහා එක් වන චීන කණ්ඩායම නම් කෙරේ

2026 ඉතාලියේ මිලාන් කෝර්ටිනා ශීත පැරාලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා එක් වන චීන නියෝජිත කණ්ඩායම නම් කිරීම අද (27) බෙයිජිං නුවරදී සිදු කෙරිණ.

167 දෙනෙකුගෙන් සමන්විත එම කණ්ඩායම සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 70 දෙනෙකු ඇතුළත්ය. වෘත්තියමය නොවන පිරිසකගෙන් සැදුම්ලත් මෙම කණ්ඩායම නියෝජනය කරනුයේ වයස අවුරුදු 27 සීමාවේ පසුවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වේ. නිදහස් සේවකයින් මෙන්ම  කම්කරුවන් සහ සිසුන් ද ඔවුන් අතර සිටීම විශේෂත්වයකි.

මෙවර පැරාලිම්පික් ක්‍රීඩා උළෙල එළඹෙන මාර්තු මස 06 වනදා සිට 15 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබේ. එහිදී, තරග ඉසව් 06ක් යටතේ පැවැත්වෙන විවිධ තරග ඛාණ්ඩ 79ක් සඳහා රටවල් හා කලාපයන් 52කින් පැමිණෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 600කට වැඩි පිරිසක් තරග වදිනු ඇත. ශීත පැරාලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා චීනය එක් වන 07 වන අවස්ථාව මෙයයි.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *