ඇමරිකාව සක්‍රිය ව ක්‍රියා නොකරන්නේ නම් ඊශ්‍රායල-පලස්තීන යුද්ධයට නිමාවක් නොමැති බව හමාස් සංවිධානය පවසයි

ඇමරිකාව සක්‍රිය ව ක්‍රියා නොකරන්නේ නම් ඊශ්‍රායල-පලස්තීන යුද්ධයට නිමාවක් නොමැති බව හමාස් සංවිධානය පවසයි

ගාසාහි සටන් විරාම ගිවිසුමක් සම්මත කිරීම සඳහා ඇමරිකාව සක්‍රිය ව ක්‍රියා කළ යුතු බව හමාස් සංවිධානය පවසයි.

ඊශ්‍රායලය සටන් විරාම ගිවිසුම පිළිගෙන ගාසා තීරයෙන් මුළුමනින් ඉවත්ව පලස්තීනුවන්ට තම අනාගතය තීරණය කිරීමට ඉඩ සලසා දීමේ ක්‍රියාකලාපය පැහැදිලි කරනු දැකීම සිය සංවිධානයේ අවශ්‍යතාවක් බව මාධ්‍ය සමග සම්මුඛ සාකච්ඡා වීඩියෝවකදී හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරි Osama Hamdan මහතා ප්‍රකාශ කළේය.

ඇමරිකාව සක්‍රියව ක්‍රියා කළ යුතු අතර, ඊශ්‍රායල ආස්ථානයේ පමණක් නොසිට ක්‍රියා කළහොත්, සටන් විරාම ගිවිසුමකට කඩිනමින් පැමිණීමේ අවස්ථාව පවතින බවත් එසේ නොවුණහොත්, මෙම යුද්ධයට අවසානයක් නොමැති වනු ඇති බවත් ඔහු සඳහන් කර ඇත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *