ඇමරිකාව වානේ සහ ඇලුමිනියම් ආනයනය සඳහා 25% ක නව තීරු බදු පැනවීමට එරෙහිව චීනයෙන් විරෝධය

ඇමරිකාව වානේ සහ ඇලුමිනියම් ආනයනය සඳහා 25% ක නව තීරු බදු පැනවීමට එරෙහිව චීනයෙන් විරෝධය

ඇමරිකාව වානේ සහ ඇලුමිනියම් ආනයනය සඳහා සියයට 25 ක නව තීරු බදු පැනවීම සම්බන්ධයෙන් චීන වාණිජ අමාත්‍යාංශය ප්‍රතිචාර දක්වයි.

ගෝලීය වෙළඳ හවුල්කරුවන්ගෙන් ඇමරිකාව වෙත ගෙන්වනු ලබන වානේ සහ ඇලුමිනියම් නිෂ්පාදන කෙරෙහි සියයට 25 ක අතිරේක තීරු බදු පැනවීම ඇමරිකා රජය ප්‍රකාශයට පත් කළේය.

ඒ සම්බන්ධයෙන් චීන වාණිජ අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් පැවසුවේ, ඇමරිකාවේ එම ක්‍රියාව ඒකපාර්ශ්වික හා ආරක්ෂණවාදී ක්‍රියාවක් වන අතර එය විවිධ රටවල අයිතිවාසිකම් සඳහා වන බරපතල හානියක් බවයි.

තම වැරදි ක්‍රියාවන් නිවැරදි කර ගනිමින් බහුපාර්ශ්වික වෙළඳ පද්ධතියට නැවත පැමිණ, සාම සාකච්ඡා හරහා තම තමන්ගේ ගැටළු විසඳාගැනීමට විවිධ රටවල් සමඟ කටයුතු කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බව ද එම ප්‍රකාශකයා පැවසීය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *