ඇමරිකාව ජාත්‍යන්තර සිසුන් සඳහා නව වීසා සම්මුඛ පරීක්ෂණ අත්හිටුවයි

ඇමරිකාව ජාත්‍යන්තර සිසුන් සඳහා නව වීසා සම්මුඛ පරීක්ෂණ අත්හිටුවයි

ජාත්‍යන්තර සිසුන් සඳහා නව වීසා සම්මුඛ පරීක්ෂණ අත්හිටුවන ලෙස, Donald Trump පරිපාලනය ඇමරිකානු තානාපති කාර්යාල සහ කොන්සල් කාර්යාලවලට උපදෙස් දී ඇතැයි Politico වෙබ් අඩවිය වාර්තා කරයි. එසේම ඔවුන් ජාත්‍යන්තර සිසුන්ගේ සමාජ මාධ්‍ය  පරීක්ෂාව පුළුල් කිරීමට සලකා බලමින් සිටී.

ඇමරිකානු රාජ්‍ය ලේකම් Marco Antonio Rubio ඊයේ(27) අත්සන් කළ විදුලි පණිවුඩයකට අනුව, ඇමරිකාවේ අධ්‍යාපනය ලැබීමට අයදුම් කරන සියලුම ජාත්‍යන්තර සිසුන් ගේ සමාජ මාධ්‍ය පරීක්ෂාවට ලක් කිරීම අනිවාර්ය කිරීමට, Trump පරිපාලනය සලකා බලමින් සිටී. මේ සඳහා, ශිෂ්‍ය සහ හුවමාරු ආගන්තුක වීසා අයදුම්කරුවන්ට නව සම්මුඛ පරීක්ෂණ දින ලබා දීම අත්හිටුවන ලෙස, ඇමරිකානු රජය ලොව පුරා ඇමරිකානු තානාපති කාර්යාල සහ කොන්සල් කාර්යාලවලට උපදෙස් දී තිබේ. මීට පෙර සැලසුම් කෙරුණු වීසා සම්මුඛ පරීක්ෂණ තවදුරත් සිදු කළ හැකි බවටද දැනුම් දී ඇත.

Donald Trump යළි ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු, බොහෝ ඇමරිකානු විශ්ව විද්‍යාලවලට එරෙහිව පියවර ගෙන තිබේ. ඇමරිකානු මාධ්‍ය ක්ෂේත්‍රයේ පොදුවේ පවතින අදහසට අනුව, Trump පරිපාලනය Harvard විශ්ව විද්‍යාලය වැනි විශ්ව විද්‍යාලවලට එරෙහිව එවැනි පියවර ගෙන ඇත්තේ, මෙම විශ්ව විද්‍යාල වාමාංශික ලිබරල්වාදීන්ගේ හෝ ඩිමොක්‍රටික් පක්ෂයේ බලකොටු බවට රිපබ්ලිකන් පක්ෂය විශ්වාස කරන බැවිනි.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *