ඇමරිකාව චීන චිප නිෂ්පාදන හා කෘත්‍රිම බුද්ධි කර්මාන්තයට සීමා පැනවීම සම්බන්ධයෙන් චීනය දැඩි විරෝධය පළ කරයි.
චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Lin Jian මහතා අද(16) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය.චීන චිප නිෂ්පාදන හා කෘත්‍රිම බුද්ධි කර්මාන්තයට සීමා පැනවීම සඳහා ඇමරිකාව යොදා ගත් පියවර සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම ප්‍රතිචාර දක්වා ඇත.
ඇමරිකාව ජාතිකාරක්ෂක සංකල්පය ව්‍යප්ත කිරීමට ගනු ලබන පියවරයන්ට චීනය සැම විමට විරුද්ධ බව හෙතෙම සඳහන් කළේය. අපනයන සීමා පියවර අයුතු ලෙස භාවිත කරමින් චීන චිප නිෂ්පාදන හා කෘත්‍රිම බුද්ධි කර්මාන්තයට බාධා කිරීම වෙළඳ ආර්ථික නීතියට එරෙහි දැඩි ක්‍රියාවකි.එමෙන්ම එය ගෝලීය නිෂ්පාදන හා සැපයුම් දාමයේ ස්ථාවරත්වයට බාධා කරන්නක් ද වන අතර චීන ව්‍යවසායන්ගේ නීත්‍යනූකූල අයිතිවාසිකම්වලට බරපතල ලෙස හානි කිරීමක් බව ද හෙතෙම පැවසීය.ඊට දැඩි විරෝධය පළ කරන චීනය එය පිළි නොගන්නා බවද ප්‍රකාශ කළේය.චීනය දැඩි පියවර යොදා ගනිමින් සිය සංවර්ධන අයිතීන් හා චීන ව්‍යවසායන්ගේ නිත්‍යනූකූල අයිතිවාසිකම් සහතික කරනු ඇතැයි ද Lin Jian මහතා අවධාරණය කළේය.