චීනයට 145%ක තීරුබදු පැනවීමේ ඇමරිකාවේ ප්‍රකාශය චීනය ප්‍රතික්ෂේප කරයි.
එවැනි උමතු හැසිරීමක් චීනය කිසිවිටකත් පිළි නොගන්නා බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Lin Jian මහතා අද (11) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසීය. ඇමරිකාව සැබෑ සංවාදය හා සාකච්ඡාව හරහා ගැටලුව විසඳීමට එකඟ වන්නේ නම්, එවැනි අසීමාන්තික පීඩන එල්ල කිරීම නතර කළ යුතු බව ඔහු කීය.
වගකිව යුතු රටක් ලෙස, චීනය ඇමරිකාව් හිරිහැර කිරීමට එරෙහිව ගත් ප්‍රතිපියවර, තම සාධාරණ ආයිතිවාසිකම් මෙන්ම ජාත්‍යන්තර නීති හා පිළිවෙළ ආරක්ෂා කිරීමක් බව ඔහු පෙන්වා දුන්නේය. විවිධ රටවල පොදු අවශ්‍යතාවන් සහ ජාත්‍යන්තර යුක්තිය ආරක්ෂා කිරීම සඳහා, එවැනි හිරිහැර හමුවේ කිසිසෙත්ම පසුබැසිය නොහැකි බව Lin Jian මහතා අවධාරණය කළේය.