ඇමරිකාව අතිරේක රේගු බදු පැනවීම ලෝක වෙළඳ සංවිධානයේ රේගුලාසිවලට පටහැනියි-චීනය

ඇමරිකාව අතිරේක රේගු බදු පැනවීම ලෝක වෙළඳ සංවිධානයේ රේගුලාසිවලට පටහැනියි-චීනය

ඇමරිකාව අතිරේක රේගු බදු පැනවීම, ‍ලෝක වෙළඳ සංවිධානයේ රෙගුලාසිවලට දැඩි ලෙස පටහැනි බව චීනය පවසයි. චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලයේ අද(20) පැවති මාධ්‍ය හමුවක දී චීන වාණිජ අමාත්‍යංශයේ විදේශ ආයෝජන පාලන දෙපාර්තමේන්තුවේ ප්‍රධානී Zhu Bing මහතා මේ බව පැවසීය. ඉහළ මට්ටමේ විවෘත භාවය හා 2025 වසරේ විදේශ ආයෝජන ස්ථාවරත්වය පිළිබඳව එම මාධ්‍ය හමුව පැවැත්විණ.

එය තම ප්‍රශ්න විසඳීමට උපකාරී නොවීම පමණක් නොව චීන ඇමරිකා සාමාන්‍ය වෙළඳ සහයෝගිතාවට හානි සිදු වන බව Zhu Bing මහතා කියා සිටියේය.

එමෙන්ම චීනයේ පුළුල් ලෙස ආ‍යෝජනය කිරීමට බොහෝ අන්තර්ජාතික සමාගම් උනන්දු වෙමින් සිටී. ජාත්‍යන්තර ඉහළ මට්ටමේ ව්‍යාපාරික පරිසරය නිර්මාණය කිරීමට චීනය අඛණ්ඩව කැප වන අතර එයින් වඩාත් වැඩි විදේශ සමාගම් සංවර්ධන අවස්ථා බෙදා ගත හැකි බව Zhu Bing මහතා අවධාරණය කළේය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *