ඇමරිකාවේ TikTok සම්බන්ධ පනතට චීනයේ දැඩි විරෝධය

ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සම්මත කළ TikTok පනත සාධාරණත්වයෙන් තොර පනතක් බව චීනය පවසයි.

ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය මෑතකදී සම්මත කළ TikTok සම්බන්ධ පනතට අනුව, චීනයේ ByteDance සමාගම සිය TikTok මෘදුකාංගය පාලනය කිරීමෙන් ඉවත් නොකරන්නේ නම් ඇමරිකාව තුළ TikTok  භාවිතය තහනම් කිරීමට පියවර ගනු ඇත. චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා ඊයේ(14) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී එම පනතට විරෝධය පළ කරමින් ‍අදහස් දැක්වීය.

ඇමරිකාවේ මෙම ක්‍රියාවලිය සාධාරණ තරඟකාරිත්වයේ මූලධර්මය සහ ජාත්‍යන්තර ආර්ථීක හා වෙළඳ න්‍යාය උල්ලංඝනය කිරීමක් බව ඔහු පැවසීය. ඊනියා ජාතික ආරක්ෂාව සුරැකීමේ නාමයෙන්, කිසිදු සාධාරණ හේතුවකින් තොරව සෙසු රටවල දියුණු සමාගම් මෙලෙස මර්දනය කිරීම සම්පූර්ණයෙන්ම සාධාරණත්වයෙන් තොර ක්‍රියාවලියකි. සෙසු රටවල දියුණු දෑ බලහත්කාරයෙන් සිය රට සතු කරගැනීම සම්පූර්ණයෙන්ම මංකොල්ලකෑමක් බව ද ඔහු පෙන්වා දුන්නේය.

ඇමරි‍කා‍වේ ඊනියා “න්‍යාය හා පිළිවෙළ” සමස්ත ලෝකයට ‍හිතකර ද, නැතහොත් ඇමරිකාවට පමණක් අදාළ වේද යන්න මෙම TikTok පනත සම්බන්ධ සිද්ධියෙන් ජාත්‍යන්තර ප්‍රජාව වඩාත් පැහැදිලිව අවබෝධය කර ගනු ඇති බව Wang Wenbin මහතා කියා සිටියේය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *