ඇමරිකාවේ ආනයනික ඩ්‍රෝන යානා තහනමට චීනයේ දැඩි විරෝධය

ඇමරිකාවේ ආනයනික ඩ්‍රෝන යානා තහනමට චීනයේ දැඩි විරෝධය

විදේශයන්හී නිශ්පාදිත ඩ්‍රෝන යානා සහ උපාංග “ආවරණිත ලැයිස්තුවට”ඇතුළත් කිරීමට ඇමරිකානු ෆෙඩරල් සංනිවේදන කොමිසම ගත් වැරදි සහගත තීරණය අහෝසි කරන ලෙසට චීන වාණිජ අමාත්‍යංශය ඇමරිකාවට බලකර සිටී.එම තීරණයට චීනය දැඩි විරෝධය පළ කරන අතර එය වහාම ඉවත් කරන ලෙසට ඉල්ලා සිටින බව ද චීන වාණිජ අමාත්‍යංශ ප්‍රකාශකයෙක් පැවසීය.

සඳුදා දිනයේදී යාවත්කාලීන කෙරුණු “ආවරණිත ලැයිස්තුව”මගින් සංනිවේදන උපකරණ හා සේවා ඇමරිකාවේ ජාතික ආරක්ෂාවට හෝ එහි ජනාතාවට අවදානමක් ගෙන දෙන බව සඳහන් කර තිබේ.ඒ අනුව විදේශයන්හී නිශ්පාදිත ඩ්‍රෝන යානා හෝ අත්‍යවශ්‍ය උපාංග වෙත ෆෙඩරල් සංනිවේදන කොමිසමේ අනුමැතිය හිමි නොවනු ඇති අතර එම උපකරණ ඇමරිකාවට ආනයනය කිරීම හෝ අලෙවි කිරීමද තහනම් වනු ඇත.

ඒ පිළිබඳ අදහස් දක්වන චීන වාණිජ අමාත්‍යංශ ප්‍රකාශකයා,  චීන සහ ඇමරිකානු ව්‍යවසායන් අතර සාමාන්‍ය වාණිජ හුවමාරු සහ වෙළඳ ක්‍රියාකාරකම් මෙන්ම දෙරටේ කර්මාන්තවල දැඩි ඉල්ලීම් නොසලකා හරිමින්, ඇමරිකාව ජාතික ආරක්ෂක සංකල්පය යළිත් ඉස්මතු කරමින් චීන සමාගම් ඇතුළු අනෙකුත් රටවල සමාගම් මර්දනය කිරීම සඳහා රාජ්‍ය බලය අනිසි ලෙස භාවිත කර ඇති බව කියා සිටී.

එවැනි ක්‍රියා සාමාන්‍ය වෙළඳපළට හානි කරන්නක් වන අතර එය ඒකපාර්ශ්වික හිරිහැර කිරීමක් යැයිද ඔහු කියා සිටී. ඇමරිකාව  වැරදි සහගතව කටයුතු කරන්නේ නම්, චීන ව්‍යවසායකයන්ගේ නීත්‍යනුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා ස්ථිරව ආරක්ෂා කිරීමට චීනය  පියවර ගනු ඇති බවද චීන අමාත්‍යංශය සඳහන් කරයි.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *