ඇමරිකාවේ අසත්‍ය චෝදනාවට චීනයෙන් දැඩි විරෝධය

ඇමරිකාවේ අසත්‍ය චෝදනාවට චීනයෙන් දැඩි විරෝධය

චීනය පැනමානු නෞකාවක් “අත්අඩංගුවට ගත්” බවට ඇමරිකාව කළ පදනම් විරහිත චෝදනා චීන විදේශ අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරයි.

එහි ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(3) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළාය. ඇමරිකාවේ ප්‍රකාශ සම්පූර්ණයෙන්ම සත්‍යය විකෘති කිරීමක් බවත් පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඔවුන්ගේ කුමන්ත්‍රණය මෙයින් හෙළිදරව් වන බවත් Mao Ning මහත්මිය පැවසුවාය.

ඒකපාර්ශ්වික හිරිහැර කිරීම් සහ බලහත්කාරයෙන් පැනමා ඇළේ මධ්‍යස්ථභාවයට බරපතල ලෙස හානි කරමින් ගෝලීය සැපයුම් දාමයේ ස්ථාවරත්වයට බාධා කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳව ලෝකයට පැහැදිලිය.

පැනමාවේ අදාළ වරාය පිළිබඳ ගැටලුවේදී චීනය සිය නීත්‍යනුකූල අයිතිවාසිකම් තරයේම ආරක්ෂා කරනු ඇතැයි ද එම ප්‍රකාශකවරිය වැඩිදුරටත් කියා සිටියාය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *